රජය කළ යුත්තේ ත්‍රස්තවාදීන් සමග සාකච්ඡා කිරීම නොව වනසා දැමීමයි! ආණ්ඩුකරු ‘ආවා කල්ලිය’ සාකච්ඡාවට කැඳවීම ත්‍රස්තවාදයට රාජ්‍ය අනුග්‍රහය ලබා දීමක්! – ශිවාජිලිංගම්

June 21, 2019 at 7:52 am | by emanisa.lk

සංවිධානාත්මක අපරාධ රැසක්ම සිදුකර ඇති ආවා කල්ලිය උතුරු ආණ්ඩුකාරවරයා විසින් සාකච්ඡාවකට කැඳවීම තවත් ත්‍රස්තවාදී සංවිධානයක් බිහිකිරීමට අවශ්‍ය අඩිතාලම දැමීමක් බව දෙමළ ජාතික සන්ධාන හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ ආවා කල්ලිය සමඟ කොන්දේසි විරහිතව සාකච්ඡා කිරීමට සූදානම් බවට උතුරේ ආණ්ඩුකාර සුරේෂ් රාගවන් මහතා පසුගියදා මාධ්‍ය හමුවේ කරන ලද ප්‍රකාශයට දැඩි විරෝධය පළ කරමිනි.

ගමින් ගමට පැන කඩුවලින් කපා කොටා පුද්ගලයින් ඝාතනය කිරීම, තුවාල සිදුකිරීම, මංකොල්ලකෑම වැනි අපරාධ සිදුකරන පාතාල අපරාධකරුවන් නීතියෙන් දඬුවම් කළයුතු මොහොතක ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට රාගවන් පෙළඹෙන්නේ කුමන අරමුණක් උදෙසා ද යන්න උතුරේ දේශපාලන හා සමාජ ධාරාවට ඇති දැවැන්ත ප්‍රශ්නයක් බවද කියා සිටියේය.

යම් හෙයකින් එම අපරාධ කල්ලිය සමඟ සාකච්ඡා කළහොත් ඔවුන් විමුක්ති සංවිධානයක් ලෙස රටපුරා අපරාධ සිදුකිරීමට පෙළඹීම සහ ඊට ජාත්‍යන්තර සහාය ලබාගැනීම කිසිවෙකුට හෝ වැළැක්විය නොහැකි බවද සිවාජිලිංගම් මහතා පෙන්වා දුන්නේය.

රජයක් විසින් සිදුකළ යුත්තේ මහජන සාමයට ආරක්ෂාවට බාධා කරන අපරාධ කල්ලි සහමුලින්ම මර්දනය කිරීම බවත් ආණ්ඩුකාරවරයාගේ මෙම උත්සහයෙන් අර්ථවත් වන්නේ ආවා කල්ලියට රාජ්‍ය අනුග්‍රහය දීම බවත් සිවාජිලිංගම් මහතා කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස