ගෝඨාගේ ආණ්ඩුව 2015 ජයග්‍රහණය ආපසු හැරෙව්වා! දැන් අපේ කෙරුවාවල් ඉවරයි! නැවත ජිනීවා යුද අපරාධ පරීක්ෂණ නෑ! – ශිවාජිලිංගම්

March 5, 2020 at 5:16 pm | by emanisa.lk

මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා විසින් සම අනුග්‍රහය දැක්වූ ජිනීවා යෝජනාවලියෙන් වත්මන් රජය ඉවත් වීම නිසා මින්පසු ශ්‍රී ලංකාවේ යුධ අපරාධ පිළිබඳ කිසිඳු ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්නොවෙනු ඇති බව දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් පවසයි.

එය තමන් ඇතුලු දෙමළ සන්ධානය ලැබූ විශාල පරාජයක් බවත් ඔහු අවධාරණය කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ නව රජයේ මෙම හිතුවක්කාරී තීරණය හේතුවෙන් යුද අපාරාධ සම්බන්ධයෙන් මින් ඉදිරියට ජාත්‍යන්තර මට්ටමේ කිසිදු පරීක්ෂණයක් සිදු නොවන බව මාධ්‍ය අමතමින් හිටපු මන්ත්‍රීවරයා මෙලෙසින් ප්‍රකාශ කළා.

යාපනයේ දී මාධ්‍යවේදීන් ඇමතූ ශිවාජිලිංගම් වැඩි දුරටත් කියා සිටියේ ලෝකයේ සෙසු රටවල්ද ශ්‍රී ලංකාවේ සිදු වූ යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් අවශ්‍ය බව කියා සිටියත් මින් ඉදිරියට ඒ සම්බන්ධයෙන් කිසිවෙකුත් කිසිදු පරීක්ෂණයක් නොපවත්වන බව ඉතා පැහැදිලි බවයි.

ජිනීවා මානව හිමිකම් කමිටුව විසින් ශ්‍රී ලංකාවට කොතෙක් අවවාද කරණු ලැබූවත් කොතරම් ප්‍රකාශ නිකුත් කළත් මේ සම්බන්ධයෙන් මීට වඩා අඟලක් හෝ ඉදිරියට කටයුතු නොකරණ බවත් ඔහු පෙන්වා දෙයි.

එය තමන් 2015දී ලැබූ ජයග්‍රහණය ආපසූ හැරවීමක් බවද ඔහු මෙහිදී ප්‍රකාශ විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස