විග්නේශ්වරන් පාර්ලිමේන්තුව දිවුරුමට පෙර කොටි මිනී වළක් ළඟ දිවුරුයි!

August 15, 2020 at 11:37 am | by emanisa.lk

මෙවර මහ මැතිවරණයෙන් තමිල් මක්කල් දේශීය කූටනි පක්ෂයෙන් යාපනය දිස්ත‍්‍රික්කයට තරග කර මන්ත‍්‍රී ආසනයක් හිමි වූ උතුරු පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන ඇමැති සී. වී. විග්නේෂ්වරන් පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීමට පෙර මුලතිව් මුල්ලිවයික්කල් ප‍්‍රදේශයට ගොස් මියගිය කොටි ස්මාරකය අබියසදී 13 දා දිවුරුම් දුන්නේය.

මේ අවස්ථාවට එම පක්ෂයේ එම්. කේ. ශිවාජිලිංගම් හිටපු මන්ත‍්‍රීවරයා ඇතුළු කිහිප දෙනෙක්ම සහභාගි වූහ. මෙම දිවුරුම් දීමෙන් පසුව විග්නේෂ්වරන් පවසා සිටියේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට පෙර යුද්ධයෙන් මියගිය ජනතාව සිහිකිරීම වෙනුවෙන් එම ස්ථානයේ පූජාවක් පවත්වා දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටු කරන බවට පොරොන්දු වූ බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *