වැලිකඩ සිරකරුවෙකුට කොරෝනා! බන්ධනාගාරය නොසන්සුන්!

July 7, 2020 at 11:37 am | by emanisa.lk

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියකු කොරෝනා ආසාදිතයකු වශයෙන් අද(07) තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

මෙම රැඳවියා කන්දකාඩු මත්ලෝලීන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට ජුනි 27 වන දින වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කර එවන ලද අයකි.

මෙම රෝගියා සම්බන්ධයෙන් සහ අනෙකුත් ආශ්‍රිතයන් සම්බන්ධයෙන් පී සී ආර් පරීක්ෂණයක් හා නිරෝධායනය කටයුතු කරමින් පවතියි.

බන්ධනාගාර රැඳවියන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන් ද පරීක්ෂණ සඳහා යොමු කරවන බව අනිල් ජාසිංහ වැඩිදුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *