වැලිකඩ PCR වාර්තා එයි! කිසිවෙකුට කොරෝනා නෑ! ආසාදිත මුල සොයා පරීක්ෂණ!

July 9, 2020 at 7:53 am | by emanisa.lk

කොරෝනා ආසාදනය වූ වැලිකඩ බන්ධනාගාර රැදවියාගේ ආශ‍්‍රිතයන් 310කගේ කොරෝනා පරීක්‍ෂණ සිදු කර ඇත.

එම පරීක්‍ෂණ ප‍්‍රතිඵල අනුව කිසිවෙකුට කොරෝනා ආසාදනය වී නොමැති බව හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා පවසයි.

අදාල මුල් ආසාදිතයාට කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී කොරෝනා ආසාදනය වන්නට ඇතැයි සැක කරන බවත් ඒ අනුව කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ දැනට රදවා සිටින පුනරුත්තාපනයට යොමු කරන ලද පිරිසටද කොරෝනා පරීක්‍ෂණ සිදු කරන බවද ඔහු පැවසීය.

මුල් ආසාදිතයාගෙන් මෙය සමාජ ව්‍යාප්තියක් දක්වා පැතිරි නොයාමට අවශ්‍ය සියලු කටයුතු සිදු කරමින් ඇතැයිද ඔහු තව දුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස