පුනානි සහ කන්දකාඩු නිරෝධානයයෙන් පසු 317ක් ගෙදර යති! කොරෝනා වැළඳුණු 28ක් තවම රෝහලේ!

March 24, 2020 at 12:03 pm | by emanisa.lk

පුනානි සහ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානවල දින 14ක කාලයක් පුරා නිරෝධායනය වු 317 පිරිසක් අද (24) නිවෙස් බලා පිටත් වු බව හමුදාව පවසයි.

පුනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් 207 සහ කන්දකාඩු මධ්‍යස්ථානයෙන් 110ක් වශයෙන් මෙම පිරිස සිටි බව උසස් හමුදා නිලධාරියෙක් පැවසීය.

එහි පිරිමි පුද්ගලයන් 235 හා දෙනකු හා කාන්තාවන් 87 දෙනෙකු සිටින බව පැවසේ.

දකුණු කොරියාවෙන් සහ ඉතාලියෙන් පැමිණි මෙම පිරිස ඉකුත් (10) වෙනි දින නිරෝධායන කටයුතු සඳහා පුනානි සහ කන්දකාඩු වෙත යොමුකර තිබිණි.

මෙම පිරිස දින 14 ක කාලයක් නිරෝධායනය වීමෙන් පසුව ඊයේ පෙරවරුවේ ඔවුන් නිවෙස් බලා යොමු කළ බව යුද හමුදාව සඳහන් කරයි.

මෙම පිරිස සමග කන්දකාඩු හා පුනානි නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කළ 28 දෙනකු කොරෝනා ආසාදිත වී තවමත් රෝහල් ගතකර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස