කොළඹ වාහන තදබදය නිසා දිනකට කෝටි 100ක පාඩුවක්!

May 12, 2019 at 3:25 pm | by admin

මෑතකදී සිදු කරන ලද අධ්‍යනයකට අනුව කොළඹ නගරයේ රථ වාහන තදබදය නිසා දිනකට සිදුවන පාඩුව රුපියල් බිලියන 01ක් බවත් රථ වාහන තදබදය හේතුවෙන් වසරකට රුපියල් බිලියන 397ක් නිකරුණේ දැවී යන බවත් මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කළේය.

දිනකට කොළඹ නගරයට ඇතුළු වන සහ පිටවන වාහන සංඛ්‍යාව 300,000 ක් බවත් එයින් වාහන 250,000ක් ම පෞද්ගලික වාහන බවත් එක දිනකට කොළඹ නගරයට ඇතුළුවන මගීන් සංඛ්‍යාව මිලියන 1 ක් බවත් ඔහු සඳහන් කළේය.

හදවත් යා කෙරෙන මංමාවත් පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *