ජනාධිපතිට කැලෑ පත්තර ගැසීමේ කිසිම වරදක් නෙමේ! අපේ අය අත්අඩංගුවට ගත් පොලිසිය ගැන අපි බලාගන්නම්! – එජාප නීති ලොක්කා යකා නටයි…

May 4, 2019 at 8:33 am | by admin

ජනාධිපතිතුමාට එරෙහිව යමක් ප්‍රකාශ කිරීම වරදක් නොවන බවත් එම ලිපිය තැපැල් කිරීමට පැමිණි තිදෙනා අත්අඩංගුවට ගැනීම බොරු දේශපාලන වැඩක් බවත් එක්සත් ජාතික පක්ෂ නීති අංශ ප්‍රධානී ජනාධිපති නීතිඥ නිශ්ශංක ජයවර්ධන මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ජාතිවාදය අවුලන ආකාරයේ ලිපියක පිටපත් 600කට අධික ප්‍රමාණයක් සමග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ඇමති කාර්ය තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය පිළිබඳ අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයාට එරෙහිව පන්සල්වලට ලිපි යැවීමේ කිසි වරදක් නැති බවත් ඒ වෙනුවෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම වැරදි බවත් පවසන නිශ්ශංක ජයවර්ධන ඒ සඳහා ඉදිරිපත් වූ සියලු පොලිස් නිලධාරීන් අමාරුවේ වැටෙන බව තර්ජනාත්මකව ප්‍රකාශ කළේය.

මාධ්‍ය සමග කෝපයෙන් කතා කළ එජාප නීති අංශ ප්‍රධානියා මේ රෑ ඔය ළමයි ගෙදර ගොස් නිදාගන්න යැයි ප්‍රකාශ කළේය. එහිදී මාධ්‍යවේදියකු පැවසුවේ ඔයාලා හොඳට හිටියා නම් අපට නිදාගන්න තිබුණා කියාය.

කෙසේ වුවද ඇමති කිරිඇල්ලගේ අමාත්‍යංශයේ අදාළ ලිපිය සැකසූ පරිගණකය සහ ෆොටෝකොපි යන්ත්‍රය ද පොලිසිය පැමිණ රැගෙන ගියේය. මෙම ලිපියේ රාජ්‍ය විරෝධි වචන සහ ජාතීන් අතර අසමගිය ඇති වන වචන විශාල ප්‍රමාණයක් පැවති බව පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසීය.

මේ අතර ජනාධිපතිවරයා යටතේ පවතින නීතිය හා සාමය එජාපයට ලබා දීම ඔහු නැවතත් ප්‍රතික්ෂේප කර තිබේ. පොලිසිය ඇත්තේ එම අමාත්‍යංශය යටතේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස