එජාපය නාවත් මම අගමැති හමුවට යනවා! – රතන හිමි

May 4, 2020 at 10:26 am | by emanisa.lk

අද (04) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ආරාධනයෙන් අරලිගහ මන්දිරයේ පැවැත්වීමට නියමිත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමට තමන් සහභාගී වෙන බව පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසයි.

තමන් පසුගිය කාලය පුරාම අද සිටින ආණ්ඩුව නියෝජනය කළ බැවින් එම පාර්ශවයේ මන්ත්‍රීවරයෙකු ලෙස එම රැස්වීමට සහභාගී වී පවතින තත්ත්වය පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන බවද උන්වහන්සේ සඳහන් කළහ.

මේ වන විට මෙම රැස්වීම ජනතා විමුක්ති පෙරමුණ, සමගි ජන බල වේගය, එක්සත් ජාතික පක්ෂය වර්ජනය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *