අයවැය පරදා මහ මැතිවරණයකට යා යුතුයි!

March 9, 2019 at 11:32 am | by admin

අයවැය පාර්ලිමේන්තුව තුළ පරද්දා වහාම මහ මැතිවරණයකට යා යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී ලාල් කාන්ත පවසයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ රට තවදුරටත් අර්බුධකාරී තත්ත්වයකට පත් නොකර මේ මොහොතේ ගත හැකි එකම විසඳුම මහ මැතිවරණයක් බවයි.

ආණ්ඩුව රටේ ජනතාවගේ සාධාරණ සහ යුක්ති සහගත ඉල්ලීම් ඉටු කරන්නට බැරි බව මෙම අයවැයෙන් මනාව පැහැදිලි වූ බව ඔහු පෙන්වා දෙයි.

කෙසේ වුවද ඔක්තෝබර් 26 අගමැති ධුරයෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් කර අගමැති මහින්ද රාජපක්ෂ යටතේ මහ මැතිවරණයක් කැඳ වූ විට ජනතා විමුක්ති පෙරමුණ ඊට දැඩි ලෙස එරෙහි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස