උතුරු නැඟෙනහිරින් ගොඩයන සිහින බොඳවෙයි! උතුරේ ඡන්ද වර්ජන රැල්ලක්!

November 14, 2019 at 11:36 am | by emanisa.lk

ජනාධිපතිවරණයේදී ඡන්දය වර්ජනය කරන්නැයි ඉල්ලා උතුරු පළාතේ අත්පත්‍රිකා බෙදීමක් සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි.

දෙමළ ජාතික ජනතා පෙරමුණ නමින් ද තවත් පිරිස් නිර්නාමිකව ද මෙම අත් පත්‍රිකා බෙදා ඇති නමුත් පවතින මැතිවරණ නීතිය යටතේ එය වරදක් නොවන්නේ යැයි ද මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක සඳහන් කළේය. තිරුනල්වේලි, නල්ලූර් හා කෝපායි ඇතුලු ප්‍රදේශ රැසකින් එවැනි සිදුවීම් ගැන තොරතුරු වාර්තා වී තිබේ.

දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර පොන්නම්බලම් මහතා මෙවර ජනාධිපතිවරණය වර්ජනය කළ යුතු බවට ප්‍රකාශ කර ඇතැයි ද තමා එය මුළුමනින්ම හෙලා දකින්නේ යැයි ද උතුරු පළාත් හිටපු මහ ඇමැති සී.වී විග්නේෂ්වරන් බී.බී.සී ප්‍රවෘත්ති සේවයට ප්‍රකාශ කර තිබිණ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස