ඇමරිකාවේ ෆ්ලොඩ් වෙනුවෙන් පාරට නොබැහැ බෑ! ලංකික ජනතාව වෙනුවෙනුත් අපි පාරට බහින්න සූදානම්! – කුමාර් ගුණරත්නම්

June 11, 2020 at 10:49 am | by emanisa.lk

නිදහස් අධ්‍යාපනය, ජාතික සම්පත්, මානව හිමිකම් හා ඉදිරියේදී අහිමි වීමට නියමිත රැකියා අවස්ථා රැක ගැනීමට ජනතාව වෙනුවෙන් ඕනෑම මොහොතක පාරට බැසීමට තම පක්ෂය සුදානම් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් සඳහන් කරයි.

පසුගිය ජුනි 9 වනදා කොල්ලූපිටියේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට ඉදිරිපිටට පැමිණියේ එසේ එකේ පැමිණිය යුතු හේතුවක් නිසා බවත් එය සඳහා එදින හැර වෙනත් දිනයක පාරට බැසීම තේරුමක් නැති වැඩක් බව ද ඔහු පෙන්වා දෙයි.

එදින ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවසන් කටයුතු සිදු වූ දිනය බැවින් ඇමරිකාවේ අධිරාජ්‍යවාදී ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ පිළිවෙළ ගැන රටට කිව යුතු දිනය එදින බවද ඔහු අවධාරණය කරයි.

ඉදිරියේ දී ජනතාවගේ අයිතීන් වෙනුවෙන් තම පක්ෂය ඕනෑම මොහොතක පාරට බසින බවත් ජනතාව වෙනුවෙන් කරන මෙම අරගලය ජනතාව ඉතා නුදුරේම තේරුම් ගනු ඇති බවත් ගුණරත්නම් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස