නවකවදයට එරෙහි වූ කැඳවුම්කරු ගෙදර යවයි! පෙරටුගාමීහු අන්තරේ බලය යළි තහවුරු කරති!

September 11, 2019 at 10:10 am | by emanisa.lk

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය දේශපාලන බලපෑම්වලින් ඉවත් කර ස්වාධීන කිරීමට උත්සාහ කළ අන්තරයේ හිටපු කැඳවුම්කරු මහීල් බණ්ඩාර ඉල්ලා අස් වූ පසු එහි නව කැඳවුම්කරු ලෙසට රත්කරව්වේ ජිනරතන හිමි පත්කර ඇත.

මහීල් බණ්ඩාර මින්පෙර සඳහන් කළේ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය දේශපාලන බලපෑම්වලින් ඉවත් කළ යුතු බවය. නවකවදය වැනි ගෝත්‍රීක ක්‍රියා මෙරට රජයේ විශ්වවිද්‍යාල පද්ධතියෙන් ඉවත් කළ යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය.

ඒ සමගම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ බලය රඳවාගෙන සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂය දැඩි ලෙස කලබල වූ අතර, සිය දේශපාලන බලය හා නවකවදය වැනි ක්‍රියා විශ්වවිද්‍යාල පද්ධතියෙන් ඉවත් කිරීමට දැඩි ලෙස විරුද්ධ වූ ඔවුන් අන්තරය තුළ මහීල් බණ්ඩාරට එරෙහිව විශාල පීඩනයක් එල්ල කරමින් ඔහු ඉල්ලා අස්වන තැනට කටයුතු කළේය.

මේ පිළිබඳව අදහස් දක්වන මහීල් බණ්ඩාර පවසන්නේ තමන් උත්සාහ කළේ රජයේ විශ්වවිද්‍යාල ජාත්‍යන්තර මට්ට්මට ප්‍රමිතිකරණය කිරීමට බවත්, අන්තරය සිය හස්තයට ගෙන සිටි දේශපාලන කල්ලිවලට අවශ්‍ය එය සිය අවශ්‍යතාවලට කඩේ යැවීමට පමණක් බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස