“මම පාරේ යන මිනිහෙක්! ඇයි මාව අල්ල ගත්තේ?” විරෝධතාව මෙහෙය වූ පෙරටුගාමි නායකයා අනුගාමිකයන් පාව දී පළා යන සූදානමක! – බුකියේ දැඩි විරෝධය… (video)

June 10, 2020 at 8:48 am | by emanisa.lk

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඊයේ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරියේ විරෝධතාව පැවැත් වූ අවස්ථාවේ පිරිසක් අධිකරණ නියෝග කඩකිරීම නිසා පොලිස් අත්අඩංගුවට පත්විය.

ඒ අවස්ථාවේ අත්අඩංගුවට පත් පුද්ගලයෙක් “මම පාරේ යන මිනිහෙක්! ඇයි මාව අල්ල ගත්තේ?” යැයි පවසමින් ඊට විරෝධය ප්‍රකාශ කළේය.

මුව ආවරණය ඉවත් වීමත් සමග ඔහු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව බව අනාවරණය විය.

ජනතාව කුලප්පු කර විරෝධතා සඳහා කැඳවා බොරු කියමින් පළා යාමට උත්සාහ කළ දුමින්ද නාගමුවට සමාජමාධ්‍යවල දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *