මුස්ලිම් ව්‍යාපාර වර්ජනය නිසා ආර්ථිකය බිඳ වැටෙන බවට අනතුරු ඇඟවීම්!

May 24, 2019 at 9:35 pm | by admin

ජාතිවාදය මෙරට ආර්ථික ක්ෂේත්‍රයට පැමිණියහොත් විශාල විනාශයක් ඇති වන සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් අමුණුගම මහතා පවසයි. රටේ විදේශ සංචිත ඉහළ දමන එවන් ව්‍යාපාර රැක ගැනීමට උදව් කිරීමට කටයුතු කළ යුතු යැයි ඔහු පෙන්වා දුන්නේය.

හේමාස්, මාස්, බ‍්‍රැන්ඩික්ස් ආදී ව්‍යාපාර වාර්ෂිකව මෙරටට විශාල විදේශ විනිමයක් උපයා දෙන බවත් ඒවා රැක ගැනීම වෙනුවෙන් කටයුතු කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

මුදල් ඇමති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් කියා සිටියේ මෙරටට විශාල වශයෙන් රැකියා උත්පාදනය කර දී ඇති මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන තැනකට සිංහල ජනතාව පෙළඹී ඇති බවත් එම තත්ත්වය වහා පාලනය කළ යුතු බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස