ආසනයත් පැරදුණු සජිත් දේශපාලනයෙන් සමුගනී!

November 18, 2019 at 11:55 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ධුරයෙන් සහ ඇමති ධුරයෙන් ඉල්ලා අස් වූ සජිත් ප්‍රේමදාස දේශපාලනයෙන් සමුගැනීමට තීන්දු කර ඇතැයි වාර්තා වෙයි.

ජනාධිපතිවරණයෙන් ලැබූ පරාජයත් සමග ම ඔහු මෙම තීන්දුව ගෙන ඇතැයි ඉල්ලා අස් වූ අමාත්‍ය සුජීව සේනසිංහ පවසයි.

කෙසේ වුවද සජිත් ප්‍රේමදාස විශාල කාර්යභාරයක් කළ බවත් එහෙයින් දේශපාලනයෙන් ඉවත් නොවන ලෙස තමන් ඉල්ලා සිටි බවත් සුජීව සේනසිංහ වැඩි දුරටත් සඳහන් කළේය.

ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාසට වඩා ගෝඨාභය රාජපක්ෂ වැඩි ඡන්ද ලක්ෂ 14කට අධික ප්‍රමාණයක් ලබා ගත් අතර වසර 25ක් ඔහු දේශපාලනය කළ හම්බන්තොට දිස්ත්‍රික්කය ඡන්ද 170 000කින් පරාජයට පත්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස