ඥානසාර හිමි නිවැරදියි කියලා මුස්ලිම් ජනතාවත් කියනවා! උන් වහන්සේට වෙසක් පොහොයට නිදහස දෙන්න! – රාජ්‍ය වෙසක් උළෙලේ දී ජනපතිගෙන් ඉල්ලයි..

May 18, 2019 at 8:45 am | by admin

ඊයේ (17) ගාල්ලේ පැවති රාජ්‍ය වෙසක් උත්සවයේදී, බලපිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති බලපිටියේ ධම්මික හිමියන් විසින් සිරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙසක් දිනයේදී නිදහස් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කළේය.

එහිදී අදහස් දක්වමින් ධම්මික හිමි මෙසේද පැවසීය.

මගේ ප්‍රදේශ බලපිටියේ මුස්ලිම් පවුල් 251ක් තියෙනවා. ඒ අය කියනවා, “අපිට 2010 වසරේදී ඥාණසාර ස්වාමින් වහන්සේ මේ අන්තවාදය පෙන්වලා දීලා කිවුව දේ හරියට හරි. දැන් අපිට සමගියෙන් ඉන්න බැරිව තියෙන්නෙ මේ අන්තවාදී කොටස් නිසා” කියලා.

මේ වෙලාවෙදි ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා ඥාණසාර ස්වාමින් වහන්සේට වෙසක් දවසේ දී නිදහස ලබල දෙන්න කියලා වගේම, මේ දේශය වෙනුවෙන් කටයුතු කළ බුද්ධි අංශ නිලධාරි 45 දෙනාටත් නිදහස ලබා දෙන්න කියන කාරණාව.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස