ආණ්ඩුව ජනතාවට දුන් බදු සහන බේකරි හොටෙල්හිමියන් කොල්ලකනවා! පාරිභෝගික සේවා අධිකාරිය බලා ඉන්නවා! – දේශීය ආදායම් කොමසාරිස්

February 19, 2020 at 1:02 pm | by emanisa.lk

රජයෙන් ජනතාවට දුන් බදු සහන බේකරි, හෝටල් සහ ආපනශාලා හිමිකරුවන් විසින් කොල්ලකනු ලබන බන දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නඳුන් ගුරුගේ පවසයි.

මේ කොල්ලකෑම් නැවැත්වීමට සෘජුව මැදිහත්වීමේ හැකියාව තිබෙන්නේ පාරිභෝගික සේවා අධිකාරියට බවද පෙන්වා දෙන කොමසාරිස් ජනරාල්වරයා තම දෙපාර්තමේන්තුවද බදු සහන කොල්ලකන ව්‍යාපාරිකයන් පරිගණක පද්ධතිය ආශ්‍රයෙන් හඳුනා ගනිමින් සිටන බවද පවසයි.

සහන කොල්ලකන ව්‍යාපාරිකයින් ආයතන හඳුනා ගැනීමේ අරමුණෙන් විගණල හා විමර්ශන දැනටත් ක්‍රියාත්මක බවද කී හෙතෙම වැට් බදු පනත යටතේ ඔවුනට එරෙහිව නීතිමය පියවර ගැනීමට තමන් නීතියෙන්ම බැඳී සටින බවද කියයි.

තමා ඇතුළු දෙපාර්තමේන්තුවේ ඉහළ කළමනාකාරීත්වය පසුගිය දිනෙක කොළඹ නගරයේ පිහිටි විදුලි උපාංග, ප්ලාස්ටික් භාණ්ඩ කිරි ආහාර හා ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන සේම බේකරි, හෝටල් ආපනශාලා ද පරීක්ෂා කළ බව කොමසාරිස් ජනරාල්වරයා කීය.

බේකරි, හෝටල් හා ආපනශාලා හිමියන් බදු සහන කොල්ලකන බව අනාවරණය කරගත්තේ ඒ ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාවේදී බවද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා අනාවරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස