අපේ ආණ්ඩුව තිබුණා නම් අද පෙට්‍රල් ඩීසල් රු. 15කින් අඩුවෙන් දෙනවා! – රාජිත

March 4, 2020 at 10:54 pm | by emanisa.lk

යහපාලන ආණ්ඩුව හඳුන්වා දුන් මිල සූත්‍රය අද ක්‍රියාත්මක වූයේ නම් පෙට්‍රල් ඩීසල් මිල අවම වශයෙන් රු.15කින් අඩු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.

තමන් ආණ්ඩුව භාර දෙන විට ඩොලර් 68ක් පමණ වූ බොරතෙල් මිල මේ වන විට ඩොලර් 47ට බැස ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.

මේ වන විට සියලු එළවළු රු. 600කට වඩා මිල ගොස් ඇති බවත් තැඹිලි ගෙඩියක් රු. 100ක් වී ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.

අරලියගහ මන්දිරයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව කියා සිටියේය.

කෙසේ වුවද එකල ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහළ වැටෙන විට මිල සූත්‍රය අනුව ලංකාවේ තෙල් මිල ඉහළ ගිය බවට චෝදනා නැඟිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව