මංගලගේ අවමංගල සූත්‍රය ආයෙත් ඇවිල්ලා!

February 13, 2019 at 12:04 am | by admin

ඉන්ධන මිල වැඩි වීමට විරුද්ධත්වය දක්වමින් 12 දින පැවති දකුණු පළාත් සභාවටල දකුණු පළාත් සභාවේ එජනිස මන්ත්‍රීවරුන් වන සම්පත් අතුකෝරල සහ චන්න සාලිය මෙන්ඩිස් යන අය හිස් කෑන් සහ පන්දම් රැගෙන ත්‍රී රෝද රථයකින් පැමිණියහ.
එහිදී අදහස් දැක්වූ චන්න සාලිය මෙන්ඩිස් මෙසේ පැවසීය.

මංගලගේ අවමංගල සුත්‍රය ආයිත් ඇවිල්ලා දැන් මිනිස්සුන්ට ආයිත් අවමංගල තමයිග මහින්ද මහත්තයා හිටපු දවස් කීපයකට රුපියල් 20 කින් මිල අඩුකරාග ඊට කලින් මේ අය දිගින් දිගටම මිල වැඩි කරමින් සිටියේ. මිල අඩුකරන්න පුළුවන් කම තියෙද්දී මෙසේ මිල වැඩිකරා. අපි ඔප්පු කරලා පෙන්නුවා අඩු කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඇවිල්ලා පලවෙනි සරේ බොරුවට රුපියල් 02 ක් මිල අඩුකරලා. දැන් රුපියල් 06 ටත් වඩා මිල වැඩි කරලා. මේ අවමංගල සුත්‍රය තිබුනොතින් ජනතාවට අවමඟුල් තමයි. වහාම මේ තෙල් මිල අඩුකරන්න.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *