තෙල් මිල සූත්‍රය නැවතත් යථා තත්ත්යට පත්වෙයි! අද රාත්‍රී සිට මිල ඉහළට!

February 11, 2019 at 4:17 pm | by admin

අද මධ්‍යම රාත්‍රී සිට තෙල් මිල ඉහළ නැංවීමට මිල සූත්‍ර කමිටුව තීරණය කළ බව වාර්තා වෙයි. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු. 6කින් ද ඔක්ටේන් 95 වර්ගයේ ලීටරයක් රු. 5කින් ද ඩීසල් ලීටරයක් රු. 4කින් ද සුපර් ඩීසල් ලීටරයක් රු. 8කින් ද ඉහළ යාමට නියමිතය.

ඒ අනුව හෙට සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු. 129ක් ද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු. 152ක් ද ඩීසල් ලීටරයක් රු. 126ක් ද වනු ඇත. ඩීසල් ලීටරයක් රු. 10කින් පමණ ඉහළ නැංවිය යුුතු වුවත් පොදු ප්‍රවාහන සේවා සඳහා අවම බලපෑමක් වන පරිදි රු.4කින් පමණක් ඉහළ නැංවීමට තීරණය කර ඇත.

මෙම මිල සූත්‍රය අනුව ආරම්භයේ සිට 2018 ඔක්තෝබර් මස වන තුරු කිසිම අවස්ථාවක තෙල් මිල අඩු වූයේ නැත. පසුගිය ඔක්තෝබර් 26 මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත්ව එම මිල සූත්‍රය අහෝසි කොට තෙල් මිල පහත දැමීමට කටයුතු කළේය. අනතුරුව දින 52කට පසු එම ආණ්ඩුව බලයෙන් පහ වූ අතර නැවත මිල සූත්‍රය ක්‍රියාත්මක විය. එහි දී අවස්ථා දෙකක දී තෙල් මිල පහත දැමිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස