මිල සූත්‍රය ක්‍රියාත්මකයි! ඉන්ධන මිල ඉහළ යයි!

August 14, 2019 at 8:59 am | by emanisa.lk

ඊයේ (13) මධ්‍යම රාත්‍රීයේ සිට පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දැමීමට ආණ්ඩුව කටයුතු කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රු. 2කින් ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රු 4කින් ද සුපිරි ඩීසල් ලීටරයක් රු. 3කින් ද ඉහළ දමා තිබේ.

නව මිල දර්ශකය අනුව අද සිට පිළිවෙළින් පෙට්‍රල් ලීටරයක් රු. 138ක් සහ 163ක් වන අතර සුපිරි ඩීසල් ලීටරයක් රු. 134කි.

කෙසේ වුවද ඔටෝ ඩීසල් මිල ඉහළ නංවා නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව