මිල සූත්‍රය ක්‍රියාත්මකයි! පෙට්‍රල් ඩීසල් මිල ඉහළට!

May 10, 2019 at 9:11 pm | by admin

මිල සුත්‍රය අනුව අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 3කින් ද ඔක්ටේන් 95 පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 5 කින් ද ඉහළ දමා තිබේ.

ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු කර නොමැති අතර සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 2කින් ඉහළ දමා ඇත. ඔටෝ ඩීසල් මිල ඉහළ නංවා නැත්තේ එය පොදු ප්‍රවාහනය සඳහා බලපාන හෙයිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *