අපේ ජනබලේ මන්ත්‍රී ගැටුම උග්‍රවෙයි! පිස්තෝල සමග සංඝ පාතාළයක් මතුවෙයි! පැහැරගත් හිමි නමක් ස්විස් දේශපාලන රැකවරණ පතයි!

August 18, 2020 at 12:36 am | by emanisa.lk

අපේ ජනබල පක්ෂය මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ඇති වූ ගැටලුව මුල් කරගනිමින් තමන්වහන්සේ පැහැරගත් බව එම පක්ෂයේ පූජ්‍ය අරඹේපොල රතනසාර හිමියෝ සඳහන් කරති.

තමන් පැහැරගන්නා ලද්දේ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් සහ අපේ ජන බල පක්‍ෂයේ සභාපතිවරයා විසින් බවද උන්වහන්සේ පවසති.

තමන් වහන්සේ පැහැරගෙන ගොස් එම පක්ෂයේ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමි සැඟව සිටින ස්ථානය අසමින් පිස්තෝලයකින් පහර දුන් බවද එනිසා තමන්ට තුවාල සිදු වූව ද උන්වහන්සේ මාධ්‍ය වෙත කියා සිටියහ.

කොළඹ ස්ථාන කිහිපයකම තමන් වහන්සේ හිර කර රඳවා තබා ගනිමින් පක්‍ෂයේ ලේකම් හිමියන් ගැන තොරතුරු විමසූ බවද උන්වහන්සේ පැවසූහ.

කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට මේ සම්බන්ධයෙන් ලිපියක් භාර දීම සඳහා පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මේ බව කියා සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස