අපේ ජනබල මන්ත්‍රී අසුන වේදිනිගම හිමිට! – නීතිපති මැකොට උපදෙස් දෙයි….

August 15, 2020 at 8:40 am | by emanisa.lk

අපේ ජනබල පක්ෂයේ ලේකම් ලෙස වරම් ලබා ඇති පුද්ගලගයා හා ඉදිරිපත් අනිකුත් සාක්ෂි අනුව මැතිවරණ කොමිසම එම පක්ෂයේ ලේකම් වශයෙන් සලකන පුද්ගලයාගේ නාම යෝජනා භාරගන්නා ලෙස නීතිපතිවරයා මැතිවරණ කොමිසාරිස්වරයා වෙත උපදෙස් ලබාදී තිබේ.

නීතිපති සම්බන්ධිකරණ නිලදාරිනී රජයේ අධි නිතිඥ නිශාරා ජයරත්න එසේ පැවසීය.

මෙම පක්ෂයේ ලේකම්වරු වශයෙන් ප්‍රතිවිරුද්ධ පාර්ශ්ව දෙකක් ඉදිරිපත්ව ඇති හෙයින් අර්බුදයක් නිරීක්ෂණය වන හෙයින් පවතින නෛතික ප්‍රතිපාදන පැහැදිලි නොවන හෙයින් මැතිවරණ කොමිසන් සභාව පසුගිය දින නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා තිබුණි.

අපේ ජන බල පක්ෂය නියෝජනය කරමින් ලේකම් වශයෙන් වේදිනිගම විමලතිස්ස හිමි හා තවකත් පුද්ගලයෙකු ජාතික ලැයිස්තුවට නාමයෝජනා දෙකක් එකම දින එනම් 2020 අගෝස්තු මස 07 ඉදිරිපත් කර ඇති බවද මැතිවරණ කොමිසන් සභාව නීතිපතිවරයා වෙත දැනුම් දි තිබුණි.

මෙහිදී නෛතික ප්‍රතිපාදන සම්බන්ධයෙන් ගැටළු නොමැති බව සඳහන් කරමින් ඒ අනුව නීතිපතිවරයා මෙලෙස උපදෙස් ලබා දී තිබුණි. 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස