ගාල්ල තැපැල් ඡන්දයෙන් පොහොට්ටුවට 70% ඉක්මවා ගිය විශිෂ්ට ජයක්!

August 6, 2020 at 1:02 pm | by emanisa.lk

ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ දැන් නිකුත් විය. එහි දී ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 682 ලබමින් ජයග්‍රහණය කරයි. එය ප්‍රතිශතයක් ලෙස 72.70%කි.

සමගි ජනබලවේගය ඡන්ද 5144ක් ලබමින් දෙවන ස්ථානයට පත්විය. එය ප්‍රතිශතයක් ලෙස 13.51%කි.

තෙවන ස්ථානයට පත් ජාතික ජන බලවේගයට ඡන්ද 1135ක් හිමි වූ අතර එය 8.23%ක ප්‍රතිශතයකි.

එක්සත් ජාතික පක්ෂය සිව්වන ස්ථානයට පත්වන්නේ ඡන්ද 1507ක් ලබමිනි. එය 3.96ක ප්‍රතිශතයකි. එක්සත් ජාතික පක්ෂය හතර වෙනි ස්ථානයට ඇද වැටීම විශේෂත්වයකි.

අපේ ජනබල පක්ෂය ඡන්ද 243ක් ලබමින් පස්වන ස්ථානයට පත්වෙද්දි පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඡන්ද 120ක් ලබමින් හය වන ස්ථානට පසුබැසීම ද විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *