අපේ ජනබල පක්ෂයෙන් ඥානසාර හිමි පාර්ලිමේන්තුවට!

August 8, 2020 at 8:27 am | by emanisa.lk

අපේ ජන බල පක්ෂය (කොඩිය) සඳහා ජාතික ලැයිස්තුවෙන් ලැබී ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නම් කිරීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (07 ) තීරණය කර ඇත.

මහ මැතිවරණයට පෙර පැවැති එකඟතාවයන් අනුව මධ්‍යම කාරක සභාව ඒකමතිකව මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව උන්වහන්සේගේ නම අපේ ජන බල පක්ෂයේ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අපේ ජන බල පක්ෂය මෙවර මැතිවරණයේදී මුළු රටෙන්ම ඡන්ද 67,758 ලබාගත් අතර ඒ අනුව ඔවුන්ට එක් ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයක් හිමි විය.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් දැනට එම පක්ෂයේ මහලේකම් ධුරය හොබවන අතර ඉදිරියේදී පක්ෂ නායකත්වයට උන්වහන්සේව පත් පත් කිරීමට යෝජනාවක් ද ඉදිරිපත් වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *