අපේ ජනබලේ ලේකම් හිමි පන්නයි! ඥානසාර හිමි මන්ත්‍රී ධුරයට නම් කරයි!

August 10, 2020 at 9:45 am | by emanisa.lk

අපේ ජන බල පක්ෂයේ මහලේකම් ලෙස කටයුතු කළ පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් එම ධූරයෙන් ඉවත් කරයි. 

ඒ, එම පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූරය සඳහා තමන් ඉදිරිපත් වන බවට උන්වහන්සේ විසින්ම මැතිවරණ කොමිසමට දැනුම් දීම හේතුවෙනි.

ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ අපේ ජනබල පක්ෂයේ සභාපති සමන් පෙරේරා පැවසුවේ සිය පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ඒකමතික අනුමැතියෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිිමියන්ගේ නම ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූරය සඳහා ඉදිරිපත් කළ බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *