අනුර කොන්ද පණ නැති නිවට දූෂිතයෙක්…! ජවිපෙ වහලුන් යොදවා නාගානන්දට මඩ ගහනවා..!

November 3, 2021 at 9:28 am | by emanisa.lk

අනුර කුමාර යනු සෘජුව නාගානන්දට මුහුණ දීමට කශේරුවක් නැති තවත් නිවට මිනිසෙකි. වටේම ඉන්න වහල්ලු යොදවා නාගානන්දට දිගින් දිගටම කිසිම පදනමක් නැතිව මඩ ප්‍රහාර එල්ල කිරීම මොහු නාගානන්දට මුහුණ දෙන එකම ක්‍රමවේදයයි. සැබවින්ම මෙසේ ඉතා පහත විධියට හැසිරෙන අනුර කුමාර යනු කවරෙක්ද රටම වංචා කරන ප්‍රයෝගකරුවෙක්ද නැතහොත් අවංක මිනිසේකද යන වග දැනගැනීමට මේ රටේ දුෂණය, හොරකම වංචාව ජනගත කරමින් 225+1 විසින් ගෙන යන දුර්දාන්ත පාලනය ගැන කම්පාවන සෑම පුරවැසියකුටම අයිතියක් ඇත.

එවකට ඇමරිකානුවකු වූ ඝෝඨාභය සම්පුර්ණයෙන් නීති විරෝධීව ජනාධිපති මැතිවරණයට නාමයෝජනා දෙන විට කිසිම ලැජ්ජාවක් නැතිව, කුමන්ත්‍රණය කර නාගානන්දගේ නාමයෝජනා වලක්වා [ඒ සඳහා මොහුට සහාය වූ ඔක්කොම වැසියෝ පක්ෂයේ ලේකම් තැමිනිමුල්ලේ දැන් අපරාධ නඩුවක (MC/28608/ 2020) චුදිතයෙකි] අපේක්ෂක ඝෝඨාභයව ආරක්ෂා කරමින් දේශප්‍රියගේ පුටුව යට සැඟවූනේ අනුර කුමාර නම් මේ මහා දේශප්‍රේමියාය.

නාගානන්දගේ නාමයෝජනා වැලක්වීමට ඉතා වංචනික ලෙස ක්‍රියාකළ මොහු ඉන් අනතුරුව පිළිකුල් සහගත ලෙස තම වහලුන් යොදවා නාගානන්ද හොරෙක්, වංචාකරුවෙක් ලෙස මඩ ගැසීමට ක්‍රියා කළේය. මේ දක්වාම එහි අවසානයක් නැත. නාගානන්දට එරෙහිව එසේ පදනම් විරහිතව අපහාස චෝදනා එල්ල කිරීමට එරෙහිව අනුර කුමාරට මේ වනවිට අධිකරණය හමුවේ පවරා ඇති අතර මොහු එම නඩුවේ ප්‍රධාන (DMR/01300/2021) චුදිතයෙකි.

එකම මන්ත්‍රී අසුනක් හෝ ජයගැනීමට අසමත්වූ රනිල් වික්‍රමසිංහ හොරෙන් සම්පුර්ණයෙන් නීති විරෝධීව පස්ස දොරෙන් පාර්ලිමේන්තුවට රිංගන විට කථානායකගේ පුටුව යට සැඟවුනේද නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීම වෙනුවෙන් මහත් හඬක් නගන මෙම දුෂණ විරෝධී සමාජ ක්‍රියාකාරී මන්ත්‍රීවරයාය.

බැසිල් රාජපක්ෂ යනු අඩුම තරමින් ජාතික ලයිස්තුවේ නමවත් නොතිබූ පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ නොකළ අයෙකි. ඔහු වංචනිකව සම්පුර්ණයෙන් නීති විරෝධීව පස්ස දොරෙන් පාර්ලිමේන්තුවට රිංගන විටද කථානායකගේ පුටුව යට සැඟවුනේ නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින මෙම දුෂණ විරෝධී සමාජ ක්‍රියාකාරී මන්ත්‍රීවරයාය.

අවසානයේ බැසිල් රාජපක්ෂගේ නීතිවිරෝධී පත්වීම සහ රනිල් වික්‍රමසිංහ ගේ නීති විරෝධී පත්වීම මෙන්ම ඝෝඨාභයට නීති විරෝධීව ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්වීමට අවසර දීම සඳහා මැතිවරණ කොමිසමේ සභාපති ධුරය අවභාවිත කළ මහින්ද දේශප්‍රියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මහජන අයිතිය බලගන්වමින් නීතිය ක්‍රියාත්මක කිරීමට ක්‍රියා කළේ ද බැසිල්ගෙන් මසකට රුපියල් කෝටියක් ලබාගන්නා බවට අනුර කුමාරගේ වහලුන් යොදවා චෝදනා එල්ල කරන නාගානන්දටමය.

අනුර කුමාරගේ සහ සජිත් ප්‍රේමදාසගේ ආශීර්වාදයෙන් ඝෝඨාභය නීතිවිරෝධීව ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව රටේ නීතියේ ආධිපත්‍ය හා ස්වාධීන අධිකරණයක් සඳහා රටේ ජනතාවට ඇති අයිතිය අහිමි කරමින් ඝෝඨාභය 20 ගෙන ආවේය. එම අවස්ථාවේද අඩුම තරමින් එය අධිකරණය හමුවේ අභියෝග කිරීමට තරම්වත් කශේරුවක් මෙම ජාතියේ ගැලවුම්කරුට නොතිබිණ.

අනුර කුමාර යනු යහපාලන සමයේදී රනිල් වික්‍රමසිංහ යහපාලනයේ අමාත්‍ය මණ්ඩලයටත් ඉහලින් ක්‍රියාත්මක වූ දුෂණ විරෝධී කමිටුවේ ප්‍රධානියෙකි. ඒ බව සාක්ෂි ඇතිව රටටම අනාවරණය කළේ පක්ෂයේ නායක වශයෙන් ක්‍රියාකළ සෝමවංශ අමරසිංහය. යහපාලනයේ දුෂණ විමර්ශණ කමිටුවේ ප්‍රධානියකු වූ මොහු වික්‍රමසිංහට විධායක ජනාධිපති බලතල පැවරීමට නීති විරෝධීව පුද්ගලිකව ව්‍යවස්ථා සංශෝධනයක් (ජවිපෙ 20 වන ව්‍යවස්ථා සංශෝධනය) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව මේ රටේ මිනිස්සු දන්නේම නැත.

එම අවස්ථාවේද මහජන අයිතිය වංචා කරන ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට එරෙහිව සෘජුව නීතිය බලගන්වන නාගානන්ද එයද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝග කළේය. එවකට අගවිනිසුරු වූ ඩෙප් මහතා අනුර කුමාරගේ එම නීති විරෝධී 20 වන ව්‍යවස්ථා සංශෝධනය කාණුවට විසිකරන ලද අතර එයින් මෙම ජාතියේ ගැලවුම්කරු තම ජීවිතේට අමතක නොවන පාඩමක් නාගානන්දගෙන් ඉගෙන ගත්තේය.

ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගන්නේ ජනතාව සතු පරම අධිකාරී බලය මත පිහිටුවන ලද ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකි. පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කල පනත් කෙටුම්පතක් පවා සෘජුවම ජනතාවට තම පරම අධිකාරී බලය බලගන්වා සම්මත කිරීමේ අයිතිය ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ආරක්ෂා කර තිබිණ. අනිල් වික්‍රමසිංහගේ දුෂිත යහපාලනය එය අභියෝගයක් විය. එහෙයින් ඔහු ජනතාව සතු වූ එම කිසිවකුට උදුරාගත නොහැකි අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ඉවත් කිරීමට [85 (2) ව්‍යවස්ථාව] අනුර කුමාරගේ සහාය පැතීය. ඉතා යටත් පහත්ව රනිල්ගේ එම ඉල්ලීම පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවථාවෙන්ම ජනතාව සතුවූ එම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඉවත් කර ජනතා පරමාධිපත්‍ය බලය හෑල්ලු කළේ ද රටේ නීතියේ ආධිපත්‍ය ගැන විශාල හඬක් නගන මෙම ජාතියේ මුරදේවතාය. කනගාටුව රටේ ජනතාවට මොහු විසින් සිදු කරන ලද මෙම බරපතළ අපරාධ ගැන කිසිම අවබෝධයක් නැත.

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් අනුගමණය කරන ඕනෑම රටක නිසිකලට මැතිවරණ පැවැත්වීම නීතියෙන්ම ජනතාව වෙත ලබාදී ඇති අයිතියකි. ඒ දුෂණයේ යෙදෙන දේශපාලන අධිකාරියක් පලවා හැරීමට ජනතාවට ඇති අයිතිය පිළිගැනීමකි. එය ව්‍යවස්ථාව මගින්ම පිළිගෙන ආරක්ෂා කර ඇති ජනතාව සතු කිසිවකුට උදුරාගත නොහැකි අයිතියකි [ව්‍යවස්ථාව 4 (ඉ)]. රනිල්ගේ යහපාලනය සමග එක්ව මෙම ජාතියේ ගැලවුම්කරු පළාත් සභා නිසි කලට විසුරුවා හැර චන්ද පැවැත්වීම වැලැක්වීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට සංශෝධනක් ගෙන ආවේය.

එය ජනතා පරමාධිපත්‍ය බලය එලිපිටම වංචා කිරීමකි. මොහුගේ එම ප්‍රයත්නයද අගවිනිසුරු ඩෙප් මහතා විසින් ව්‍යර්ථ කිරීමෙන් කිපුණු මොහු රනිල් සමග එක්ව එවකට නීතිපති වූ ජනන්ත ජයසුරියගේ වංක සහයෝගයෙන් එම අධිකරණ නියෝගය කාණුවට දමා පළාත් සභා ඡන්දය කල් දැමීමට ක්‍රියා කරමින් අධිකරණයේ ස්වාධීනත්වය සම්පුර්ණයෙන් කෙලෙසීමට ක්‍රියා කළේය.

එතනින් නොනැවතී පළාත් සභා මැතිවරණය නීති විරෝධීව කල් දැමීමට ධුරය අවභාවිතා කිරීම ඇතුළුව බරපතළ දුෂණ අපරාධ චෝදනා මත නඩු පවරා තිබු නීතිපති අගවිනිසුරු කිරීමට ව්‍යවස්ථාදායක සභාවේදී ව්‍යවස්ථාදායක සභාවේ ජවිපෙට හිමිවී තිබුන අසුන අවභාවිත කළේය.

රජයේ බදු රුපියල් බිලියන 16 අධික මුදලක් වංචා කල BMW නඩුවේදී සහ පිළිකා කාරක පාම් ඔයිල් මෙට්‍රික් ටොන් 480 ආනයනය කිරීමට එරෙහිව අදාළ සමාගම් දෙකට (Prestige Automobiles Ltd and Sena Mills Ltd ) එරෙහිව පවරා ඇති නඩු වලදී රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය වශයෙන් චාල්ස් මහත්මිය සෘජු තීන්දුවක් ගනිමින් නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීමට සෘජුව පෙනී සිටිමින් එම සමාගම් දෙකම රේගු නීතිය උල්ලංඝණය කර ඇති බව අධිකරණය හමුවේ හෙළි කිරීමට ඇයට කශේරුවක් විය.

එහි ප්‍රතිඵලයක් වශයෙන් යහපාලනයේ ප්‍රධාන මෙහෙයුම්කරු වූ රනිල් වික්‍රමසිංහ ඇයව කිසිම පදනමක් නැතිව අයුක්ති සහගත ලෙස නෙරපා හරින ලදී. එම අවස්ථාවේ මෙම දුෂණ විරෝධී සමාජ ක්‍රියාකාරියා හෝ ඔහුගේ වෘත්තීය සමිති ක්‍රියාකාරී ලාල් කාන්ත ඇය ආරක්ෂා කිරීමට පියවර ගැනීම ඍජුවම ප්‍රතික්ෂේප කළේය. එම අවස්ථාවේදී රේගු නිලධාරීන් හා එක්ව අකුරට වැඩ කිරීමේ දැඩි ප්‍රතිපත්තිය අනුගමණය කර වරාය තුළ කන්ටේනර් දහස් ගණනක් හිර කිරීමෙන් අනතුරුව රනිල්ට වෙනත් කල හැකි දෙයක් නොමැති විය. දන ගසා ඇයව නැවත කැඳවීමට රනිල්ට බල කෙරිණ.

නාගානන්ද යනු මේ රටේ අතිශයින් දුෂිත දේශපාලනය පිළිකුලින් බැහැර කරන සමාජ ක්‍රියාකාරී නීතිඥයකු පමණි. අනුර කුමාර වහාම මේ තුට්ටු දෙකේ වැඩ නවත්වා ඔහුට එරෙහිව එල්ල වී ඇති මෙම බරපතළ චෝදනා වලට පිළිතුරු දිය යුතුයි. ජවිපෙ යනු නාගානන්දට අලුත් තැනක් නොවේ. පක්ෂයේ නිර්මාතෘ එම පක්ෂය නිර්මාණය කළේ දැඩි සෘජු ප්‍රතිපත්ති ගරු කරන පක්ෂයක් වශයෙන් මිස හොරෙන් කුණු කන්න නායකයන් දිරිමත් කරන පක්ෂයන් වශයෙන් නොවන බව නාගානන්දට තම වහලුන් යොදවා කිසිම පදනමක් නැති බොරු චෝදනා එල්ල කරමින් බොරුවර පුස් වෙඩි පත්තු කරන අනුර කුමාර දැනගත යුතුයි.

නාගානන්ද කොඩිතුවක්කු

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස