ජවිපෙ මන්ත්‍රීවරිය කොපි කර පොතක් ලියලා! 2020 හොඳ ම පොතට සම්මානෙත් අරන්!

November 7, 2020 at 8:33 am | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි සුජාතා අලහකෝන්ට පොතක් සොරකම් කර පොතක් ලියා සම්මාන දිනූ බවට චෝදනා නැගෙයි.

මෙලෙස චෝදනා නැඟෙන්නේ 2020 හොඳ ම යොවුන් නවකතාවට හිමි රජත පුස්තක සම්මානය දිනූ ඒත් අපි පියාඹමු කෘතිය වෙනත් පොතක කොටස් සොරකම් කර ලියා බවට ය.

ගංගා සුදුවැලිකන්ද නම් ලේඛිකාව විසින් සිංහලයට පරිවර්තනය කළ මිහිරැති සොඳුරු සමය නම් කෘතියෙහි කොටස් මෙම සම්මානිත කෘතියෙහි ඇතැයි තහවුරු වී ඇත.

අදාළ සම්මානය ලබා දුන් විනිශ්චය මණ්ඩලයට මෙම වංචාව හසු නොවීම ද සාමාන්‍ය පාඨකයෙකු විසින් එය හෙළි කිරීම ද විශේෂත්වයකි. අද වන විට සාහිත්‍ය විනිශ්චය මණ්ඩල අරක්ගත් කණ්ඩායම් පොතපත නො කියවන පිරිසක් වීම මෙවැනි දෑ සිදුවීමට හේතු වී ඇතැයි ද චෝදනා නැගෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස