ඇවන්ගාර්ඩ් ආයතනය ගැන හැකි නම් විවාදයකට එනු! දූෂිත මම නෙමේ ජවිපෙ කියලා මම ඔප්පු කරනවා! – නිශ්ශංක සේනාධිපතිගෙන් අනුරට අභියෝගයක්….

June 4, 2020 at 11:22 am | by emanisa.lk

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂී ලබා දීමට පැමිණි ඇවන්ට් ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති අනතුරුව මාධ්‍ය අමතමින් සිය ආයතනයේ නිත්‍යානුකූලභාවය පිළිබඳ ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායකට අභියෝග කළේය.

නීත්‍යානූකූල ලෙස පිහිට වූ සිය සමාගම දේශපාලන පලීගැනීමක් ලෙස විනාශ කිරීමට පසුගිය යහපාලන රජය සහ එම රජයට සම්බන්ධව කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළ බවට ඔහු කොමිසම හමුවේ අනාවරණය කළේය.

ඇවන්ගාඩ් සමාගම අත්තනෝමතික ආකාරයෙන් පවරා ගැනීම හේතුවෙන් පාඩු සිදුවූ බව පවසමින් නිශ්ශංක සේනාධිපති ජනපති කොමිසම වෙත සිදුකළ පැමිණිල්ලකට අනුව නිශ්ශංක සේනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේය.

කොමිසම හමුවේ සාක්ෂි දීමෙන් අනතුරුව නිශ්ශංක සේනාධිපති විසින් ප්‍රකාශ කළේ සිය ව්‍යාපාරය විනාශ කර දැමීම සඳහා යම් කිසි දේශපාලන අරමුණක් වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ විශේෂයෙන් එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක, පාඨලී චම්පික රණවක හා රාජිත සේනාරත්න යන හිටපු ඇමතිවරුන් සමග කටයුතු කළ බවයි.

එහිදී නිශ්ශංක සේනාධිපති ජවිපෙ නායක අනුර කුමාර දිසානායකට ප්‍රසිද්ධ විවාදයක් සඳහා අභියෝගයක් කළ අතර ජවිපෙ නායකයා විසින් සිදු කළ සියලු වංචා පිළිබඳ සාක්ෂි තමන් සතුව තිබෙන බවත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස