දුරකතනය මහ බැංකු විවාදයේදී නිහඬ වී කාලය ජවිපෙට දෙයි! අනුර විනාඩි 85ක් අරන් රාජපක්ෂ මුව හමට උඩපැන තළයි!

September 9, 2020 at 11:40 am | by emanisa.lk

සමගි ජන බලවේගය ඊයේ (08) පැවැති මහ බැංකු වාර්තාවට අදාළ පාර්ලිමේන්තු විවාදයේ දී අදහස් දැක්වීමෙන් වැළකී සිටියේය.

විවාදය සඳහා එම පක්ෂයට ලැබී තිබුණු කාලය අනුර කුමාර දිසානායකට සහ දෙමළ ජාතික සන්ධානය ඇතුළු විපක්ෂයේ සෙසු දෙමළ පක්ෂවලට ලබා දීමට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල කටයුතු කළේය. ඒ අනුව අනුර කුමාර දිසානායකට විනාඩි 85ක කාලයක් ලැබී තිබුණි. විවාදය ඊයේ පස්වරු 1.30ට සිට පස්වරු 6.30 දක්වා පැවැත්විණි.

සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරු විවාදය අතරතුර දී වරින් වර සභා ගැබට පැමිණ අදහස් දැක්වීමක් සිදු නොකළහ.

අනුර දිසානායක තමන්ට ලැබුණු කාලය ප්‍රයෝජනයට ගෙන සුපුරුදු ලෙස 2015ට පෙර මහ බැංකුවේ සිදු වූ වංචා පිළිබඳ කතා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස