ආණ්ඩුවට ඩොලර් උපයන්න හරි සැලසුමක් නෑ…! – ටිල්වින්…

January 14, 2021 at 9:24 pm | by emanisa.lk

රටේ සමස්ත ණයවල විදෙස් ණය ප්‍රමාණය 48%කට ආසන්න බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

මේ වන විට ලංකාව රු. බිලියන 15 000ක ණයකාරයෙකු බවත් ඉන් අඩක් පමණ ඩොලර්වලින් ආපසු ගෙවිය යුතු බවත් ඔහු සඳහන් කරයි.

ඒ ණය සහ පොළිය ගෙවීමට ඩොලර් හම්බ කළ යුතු බව පෙන්වා දෙන ටිල්වින් සිල්වා ඒ සඳහා ආණ්ඩුවට කිසිදු සැලැස්මක් නැතැයි ද අනාවරණය කරයි.

මේ නිසා රට ණය උගුලක සිර වී ඇති බවත් එහෙයින් රාජ්‍ය දේපළ විකිණීමට සූදානම් වන බවත් ඔහු පවසයි.

රනිල් සිය මිතුරන් වෙනුවෙන් මහ බැංකු වංචාව කළ අතර වර්තමාන ආණ්ඩුව බදු ප්‍රතිපත්තිය වෙනස් කළ බවත් රටට රු. ඒ නිසා රු. බිලියන 10 බැගින් පාඩු වූ බවත් ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා පවසයි.

යහපාලනය සහ වර්තමාන පාලනය අතර කිසිදු වෙනසක් නොමැති බවත් දෙක ම එකක් බවත් ඔහු අවධාරණය කරයි.

sorry කවුද දිනුම් සම්මන්ත්‍රණයට එකතු වෙමින් ටිල්වින් සිල්වා මේ බව සඳහන් කළේය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස