ජවිපෙ කියන්නේ යහපාලන කාලේ රනිල්ගේ පුටුව යට හිටි මුරබල්ලා….! – නාගානන්ද…

August 8, 2021 at 10:04 pm | by emanisa.lk

නාගානන්ද කොඩිතුවක්කු සිය ෆේස්බුක් පිටුවේ තබන ලද සටහනක් පහත දැක්වෙයි.

වසර 73 ක් පුරා රටේ විනාශය කැඳවන ප්‍රධාන පක්ෂ දෙකේ ආරක්ෂාවට පෙනී සිටින මුර බල්ලා නිවැරදිව හඳුනා ගැනීම ප්‍රඥාවන්ත පුරවැසියාගේ වගකීමය

ජවිපෙ යනු ඕනෑම තැනක තම අයිතිවාසිකම් දිනාගැනීමට අරගලයක යෙදෙන පිරිසක් මැදට පැන එමගින් දේශපාලන වාසි ලබාගන්න ඉදිරිපත්වන පිරිසක් මිස රට ගොඩ ගැනීමට කිසිම දැක්මක් ඇති පිරිසක් නොවේ. මෙහි උලපනේ සුමංගල කියන කථාව හා නාගානන්ද 100% එකඟ වන්නේ එම අත්දැකීම එනම් ප්‍රධාන පක්ෂ දෙක සමග රෑට හොරකමේ යන දවල්ට බොරුවට රණ්ඩු වන ජවිපෙ නිවට හා කපටි ප්‍රතිපත්තිය ගැන මහජන අයිතිය සෘජුව ඕනෑම අයකුට එරෙහිව බලගන්වන නාගානන්ද ඉතා හොඳින් දන්නා හෙයිනි.

රේගු අධ්‍යක්ෂ ජනරාල් වරයෙකුව සිටි චුලානන්ද පෙරේරා යටතේ යට ගසන ලද රුපියල් බිලියන 16 BMW රේගු බදු වංචා නඩුව සහ බිලියන 2 කට අධික රේගු බදු වංචා කරමින් සේන මිල්ස් ආයතනය ආනයනය කරන පිළිකා කාරක පාම් ඔයිල් නඩු වලදී තම වගකීම ක්‍රියාත්මක කරමින් සෘජු තීරණ ගත් රේගු අධ්‍යක්ෂ ජනරාල් චාල්ස් මහත්මිය රනිල් වික්‍රමසිංහ හා මංගල සමරවීර විසින් කිසිම පදනමකින් තොරව රේගුවෙන් නෙරපා හරින ලද අවස්ථාවේ ඇය රැක ගැනීමට ඉදිරිපත්වන ලෙස නාගානන්ද ජවිපෙ කල්ලියෙන් ඉල්ලා සිටින විට අනුර කුමාර එය සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළේය.

ඒ අන්කිසිවක් නිසා නොව රනිල් වෙනුවෙන් පෙනී සිටින ඔහු සමග රාත්‍රී කාලයේ හොරකමේ යන අනුර කුමාරට සෘජුව නීතිය ක්‍රියාත්මක කල රේගු අධ්‍යක්ෂ ජනරාල් වරිය ආරක්ෂා කරගැනීමට ඉදිරිපත් විය නොහැකි හෙයිනි. එසේම රුපියල් බිලියන 16 ක BMW නඩුව නාගානන්ද විසින් මෙහෙයවන නඩුවක් නිසා ඇතිවූ කුහක කම නිසාය.

අනුර කුමාරගේ 4 දෙනාගේ කල්ලිය කිසිදා ජනතාව වෙනුවෙන් පෙනී සිට ජනතාවට දිනා දුන් දෙයක් නැත. නමුත් චාල්ස් මහත්මිය ආරක්ෂා කරගැනීමට ඉදිරිපත්වීම අනුර කුමාර ප්‍රතික්ෂේප කළ ද රේගුවේ සෘජුව තීරණ ගන්නා අවංක නිලධාරීන් සමග දියත්කරන ලද අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් මගින් වරායේ කන්ටේනර් දහස් ගණනක් හිර කරමින් මංගල සමරවීරට වහාම මැදිහත්වී රේගුවෙන් ඉවත් කරන ලද චාල්ස් මහත්මිය නැවත කැඳවන ලෙස බල කෙරිණ.

රේගුව අකර්මන්‍ය කරන, රේගුවෙන් යැපෙන කිසිම රජයකට එදා සිටම පැවැත්මක් නැත. රනිල් වික්‍රමසිංහ ඇයට මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තනතුරක් ප්‍රධානය කළ ද ඇයට එය භාර නොගෙන සිටීමට උපදෙස් දෙන ලද අතර අවසානයේ වික්‍රමසිංහ හා මංගල සමරවීර යන දෙදෙනාටම යුක්තිය සාධාරණත්වය හමුවේ දන ගසා චාල්ස් මහත්මිය රේගු අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ නැවත පිහිටුවීමට සිදුවිය. රනිල්ගේ පුටුව යට සිටි ඔහුගේ මුරබල්ලා එය හොඳින් දුටුවේය.

රටම වංචා කර ඇමරිකානුවකු වූ ඝෝඨාභය රාජපක්ෂ ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන විටද පොහොට්ටුවේ ප්‍රධාන සංවිධායක සමග හොර ගිවිසුම් ගසා රටම අතරමං කළේ ද මෙම පිරිසමය. එම බලපතළ අපරාධයට සෘජුවම වගකිව යුතු වූ මැතිවරණ කොමිසමේ සභාපති වූ මහින්ද දේශප්‍රිය එරෙහිව නෛතික පියවර ගැනීමට සම්පුර්ණයෙන් එරෙහි වෙමින් ඊට කිසිදු සහයක් පල නොකරන්නේද එම හේතුව නිසාමය. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී රටම ප්‍රතික්ෂේප කල රනිල් වික්‍රමසිංහ බැලූ බැල්මටම නීති විරෝධීව, පාර්ලිමේන්තුව සම්මත නොකළ ජාතික ලයිස්ටුවකින් පාර්ලිමේන්තුවට එන විටද ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනිසිටියේද නාගානන්දගේ වාහනයට බුරා පනින මෙම මුර බල්ලන්මය.

අවසානයේ තම ද්විත්ව පුරවැසි භාවය මත පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට නුසුදුස්සෙකු වූ පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවෙන් පවා ඉදිරිපත්වීමට නුසුදුස්සෙකු වූ බැසිල් රාජපක්ෂ පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන විටද රට්ටු රැවටීමට පමණක් ඔහුගේ නීති විරෝධී පත්වීම අභියෝග කරන බවට ජනතාව වංචා කරමින් ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටියේද මෙම මුර බල්ලන්මය.

සැබවින්ම මොවුන්ට මාතෘ භුමිය රැකගැනීම සඳහා කිසිම වැඩ පිළිවෙළක් හෝ දැක්මක් කොහෙත්ම නැත. හොරෙන් කුණු කෑමට ගිජුවූ මොවුන් හොඳින් දන්නා හා පිළිගන්නා එකම වැඩ පිළිවෙළ ප්‍රධාන පක්ෂ දෙකේ ආරක්ෂාවට පෙනී සිටීම සහ එමගින් පාර්ලිමේන්තු ආසන කීපයක් දිනාගැනීම හා පර්මිට් ඇතුළු අනෙකුත් වරප්‍රසාද භුක්ති විඳීමය. පර්මිට් වාහන පසුව විකුණා රජයේ බදු ආදායම ඒකාබද්ද අරමුදලට බැර කළ යුතු රජයේ බදු ආදායම වංචා කර එයද නීති විරෝධීව භුක්ති විඳීමය.

රටම ප්‍රතික්ෂේප කරන පළාත් සභා ක්‍රමය වෙනුවෙන් පෙනී සිටිමින් එමගින්ද වසරකට රුපියල් මිලියන 50 ක පමණ ආදායමක් ලැබීමය. පක්ෂයේ නම පවා අහිමි කරමින් පක්ෂයේ නිර්මාතෘට කළ හැකි ලොකුම නිගාව කරමින් වසර 73 ක් පුරා දිගින් දිගටම රටේ විනාශය කැඳවන ප්‍රධාන පක්ෂ දෙකට එරෙහිව සෘජු වැඩ පිළිවෙළක් දියත්කිරීමට ඇති ලොකුම භාධකය ප්‍රධාන පක්ෂ දෙක රකින මෙම මුර බල්ලන් පිරිස යයි හැඳින්වීම වඩාත් නිවැරදිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස