චීන පොහොර මගඩියෙන් රටේ මූල්‍ය පිළිගැනීමත් හෑල්ලු කළා…! වංචාකාරයෝ වහා ම හෙළිදරව් කරනවා..! – අනුර…

November 1, 2021 at 8:46 am | by emanisa.lk

චීන කාබනික පොහොර ක්‍රියාවලියත් සමඟ චීනය මහජන බැංකුව බ්ලැක්ලිස්ට් කිරීම ජාත්‍යන්තර වශයෙන් මෙරට මූල්‍ය පද්ධතිය අනතුරට හෙළීමක් හා රට අපකීර්තියට පත් කිරීමක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි.

ආණ්ඩුව පොහොර පිළිබඳ ගනුදෙනුවේ දී අදූරදර්ශී හා පොහොර ගෙන්වීම හා බැඳුණු වංචා දූෂණ හේතුකොටගෙන ගොවි ජනතාව විශාල අසීරුතාවකට ඇද දමා පමණක් නොව දූෂණ හේතුකොට ගෙන ඊට අදාළ වංචා හා දූෂණ හේතුකොට ගෙන ශ්‍රී ලංකාව විශාල අපකීර්තියකට පත්කර ඇති බවත් ජවිපෙ නායකයා සඳහන් කරයි.

ඒ වගේම වාණිජ බැංකුවක් ලෙස දේශීය හා ජාත්‍යන්තර වශයෙන් විශාල කීර්තියක් හිමි කරගෙන තිබූ මහජන බැංකුව මේ වන විට චීනය බ්ලැක්ලිස්ට් කර ඇති බවත් මහජන බැංකුව සමඟ චීනයේ කිසිවකු ගනුදෙනු නොකරන ලෙස චීන තානාපති විසින් චීන ව්‍යාපාරිකයන් දැනුවත් කොට ඇති අතර එය විශාල ගැඹුරු ආර්ථික අර්බුදයකට හා ජාත්‍යන්තර වශයෙන් අපේ බැංකු පද්ධතිය අපකීර්තියකට පත් වී ඇති බවත් ඔහු පෙන්වාදෙයි.

මේ තුළින් මෙරට බැංකු පද්ධතිය කෙරේ දේශීයව හා විදේශීයව තිබූ පිළිගැනීම පිළිබඳ යම් අස්ථාවරත්වයක් නිර්මාණය වී ඇති අතර මෙවැනි තත්ත්වයක මහජන බැංකුව බ්ලැක් ලිස්ට් (black list) කිරීම එම අර්බුදය තවත් තීව්‍ර කිරීමක් බවත් ඔහු පවසයි. එහෙයින් මෙම විස පොහොර ආනයනයෙන් සාම්පල පරීක්ෂා කිරීමට පෙර නියෝග දුන් අයත් මේ වංචා දූෂණවලට හවුල් වූවන් වහාම හෙළිදරව් කොට ඔවුන්ට එරෙහිව වහාම තීන්දු තීරණ ගත යුතු බවත් අනුර දිසානායක කියයි. හෙතෙම වැඩිදුරටත් පැවැසුවේ ඒවා හෙළි කිරීමට පක්ෂය සූදානම් බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *