කොළඹ පදික වේදිකා ආක්‍රමණයට තිත! සියලු අනවසර වෙළෙඳසැල් ඉවතට!

December 9, 2019 at 11:18 am | by emanisa.lk

බස්නාහිර පළාතේ මාර්ග අවහිර වන ආකාරයෙන් ඉදිකර ඇති අනවසර වෙළඳසැල් ඇතුළු ඉදිකිරීම් ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ සඳහා දත්ත විශ්ලේෂණයකින් පසු පියවර ගන්නා බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොල පවසයි.

බස්නාහිර පළාත තුළ පවතින මාර්ග තදබදය අවම කිරීම සඳහා මේ වන විට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද මෙහිදී ප්‍රකාශ කෙරිණි.

මේ වන විට කොළඹ පදික වේදිකා අනවසර කඩහිමියන් විසින් ආක්‍රමණය කිරීම නිසා පදිකයන්ට මහත් හිරිහැර සිදුවන බව වාර්තා වන අතර මාර්ග තදබදයට මෙන්ම රිය අනතුරුවලට මෙය හේතුවක් බව හඳුනාගෙන තිබේ.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ ගෝඨාභය රාජපක්ෂ සියලු පදික වේදිකා වෙළෙඳසැල් ඉවත් කර ඔවුන්ට පිටකොටුව බෝ ගස අසල වෙළෙඳ සංකීර්ණයක් ද ඉදිකර දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස