සරසවි සිසුන්ටත් කඳුලු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාරයක්!

February 21, 2019 at 5:06 pm | by admin

විරෝධතාවක නිරත වූ සරසවි සිසුන් පිරිසකට කොටුව ලෝටර්ස් පෙදෙසේ දී පොලිසිය විසින් කඳුලු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාර එල්ල කර පළවා හැරීමට කටයුතු කළේය.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ මෙම විරෝධතාව නිසා කොටුව අවට ප්‍රදේශවල දැඩි මාර්ග තදබදයක් ඇති විය. ඇතැම් මාර්ග පොලිසිය විසින් වසා දමා ඇත.

දින කිහිපයකට පෙර රැකියා විරහිත උපාධිධාරීන් පිරිසකට ද කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කර පළවා හැරීමට පොලිසිය කටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *