මහනුවර රථවාහන තදබදය විසඳන නව සැලසුමට වැඩබැරි කිරිඇල්ලගෙන් බාධා!

March 6, 2019 at 7:08 am | by admin

මහනුවර නගරයේ පවතින අධික රථවාහන තදබදයට පිළියමක් ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්නගේ මෙහෙයවීමෙන් නව රථවාහන සැලසුමක් අද සිට ක්‍රියාත්මක කර ඊයේ ආරම්භ කෙරිණි.

එම රථවාහන සැලසුමෙන් නගරයේ වෙළඳසැල්වල වෙළඳාමට බාධා වන බව පවසමින් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ සහ හිටපු මහ ඇමතිවරයාගේ ආධාරකරුවන් පිරිසක් මහා මාර්ගය අවහිර කරමින් විරෝධය දැක්වූහ. මේ නිසා මහනුවර නගරයේ දැඩි රථවාහන තදබදයක්ද ඇතිවිය.

දෙස් විදෙස් සංචාරකයන් ඇතුළු විශාල පිරිසක් දිනපතා පැමිණෙන ජනාකීර්ණ නගරයක් වන මහනුවර නගරයේ නිසි සැලසුමක් නොමැතිකම නිසා දීර්ඝ කාලයක් තිස්සේ අධික රථවාහන තදබදයක් පවතයි.

මේ සඳහා නිසි පිළියමක් යෙදීමට ප්‍රදේශය නියෝජනය කරන කිසිදු දේශපාලනඥයෙකු උත්සුක නොවූ තත්ත්වයක් යටතේ නව ආණ්ඩුකාරවරයාගේ මැදිහත් වීම මත වාහන තදබදය ඇතුළු මහනුවර නගරයේ ගැටලු රැසකට පිළියම් යෙදීමට මේ වන විට කටයුතු සැලසුම් කර තිබේ.

එබැවින් පළාත නියෝජනය කරන වගකිවයුුතු දේශපාලකයන් වන්නේ ජනතා සුබසෙත සඳහා සිදු කරන කටයුතුවලට පක්ෂ පාට භේද නොතකා පටු දේශපාලන අරමුණුවලින් බැහැරව සහයෝගය ලබා දීමය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස