අපට ඕන ජනතාවගෙන් පළිගන්න! විරෝධතාකරුවන් වෙන් කළ ස්ථානයට නොයයි! කොළඹ පාරවල් වසයි!

February 6, 2020 at 7:48 am | by emanisa.lk

පාර්ශ්ව කිහිපයක් ඊයේ (5) සවස කොළඹදී පැවැත්වූ විරෝධතා හේතුවෙන් කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ඇති විය.

කෙසේ වෙතත් උද්ඝෝෂකයන්ට විරෝධතා පැවැත්වීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයත් ෂැන්ග්‍රිලා හෝටලයත් අතර හිස් ඉඩමක් වෙන් කර ඇති බව පොලිසිය පෙන්වා දුන්නත් විරෝධතාකරුවන් අදාළ ස්ථානයේ විරෝධතා පැවැත්වීම ප්‍රතික්ෂේප කළේය.

විරෝධතාවයේ නිරත සිසුන් එම අවස්ථාවේ තවත් විරෝධතාවක නිරත ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථවේ සහ සමස්ථ ලංකා ව්‍යාපෘති සහයක එකමුතුවේ පිරිස් සමඟ එක්ව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගය රිය ධාවනය කළ නොහැකි වන අයුරින් සම්පූර්ණයෙන් අවහිර කරනු ලැබුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස