ජනාධිපතිවරණය නිසා සාහිත්‍ය මාසය රස්සා මාසයක් පත්වෙලා! අරලිය මන්දිරේ අමාත්‍යංශවල රස්සා දහස් ගණනක් බෙදනවා! – ජනපති

September 18, 2019 at 4:52 pm | by emanisa.lk

රටේ සාහිත්‍ය මාසය ලෙස හඳුන්වන සැප්තැම්බර් මාසය ඉදිරියේ එන මැතිවරණයක් නිසා රටේ රස්සා දෙන මාසය බවට පත්ව ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (18) කුරුණෑගලදී පැවැති උත්සවයකදී ප්‍රකාශ කළේය .

වයඹ පළාත් සභාව විසින් වයඹ පළාත් රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරි ගුරුවරුන් දෙදහසකට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සඳහා පැවැති උත්සවයට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය .

කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහලේ ක්‍රීඩාංගණයේදී ගුරු පත්වීම් ලබාදීමේ මෙම උත්සවය පැවැත්විණි .

“අපි අද කොළඹ ඉඳලා එනකොට කොල්ලුපිටිය බම්බලපිටිය පැත්තේ ලොකු මාර්ග තදබදයක් තිබුණා. අරලියගහ මන්දිරයේ උදේ ඉඳලා දහස් ගණනකට රස්සාවල් දෙන නිසා ඒ තදබදය ඇති වෙලා තිබුණා. මේ දවස්වල අමාත්‍යාංශ වලත් එහෙමයි.

මැතිවරණ නීතියට අනුව මැතිවරණයක් ප්‍රකාශ කළාට පස්සේ රාජ්‍ය සේවාවට රස්සා දෙන්න බැහැ . මේ නිසාම මේ අවුරුද්දේ සාහිත්‍ය මාසය රස්සා දෙන මාසයක් බවට පත්වෙලා තියෙනවා.

අධ්‍යක්ෂ අමාත්‍යාංශය විසින් සිදු කරන ලද සමීක්ෂණයකට අනුව ගුරු සේවයේ පමණක් ලක්ෂ දෙකක් පමණ සිටිනවා. මෙයින් සියයට දහයක පමණ පිරිසක් මේ ගුරු සේවයට සුදුසුකම් සපුරා නැති පිරිසක් බවට මේ සමීක්ෂණයේදී අනාවරණය වෙලා තිබෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස