හොර ඔප්පු හදලා අක්කර 80ක් විකුණලා! ඇමති රිෂාඩ්ගේ සොහොයුරා අල්ලන්න අධිකරණ නියෝග…

October 26, 2019 at 2:20 pm | by emanisa.lk

ව්‍යාජ ඔප්පු සකස්‌ කර තලෙයිමන්නාරම ප්‍රදේශයේ පිහිටි අන්සතු අක්‌කර 80 ක ඉඩම් කොටස්‌ දෙකක්‌ විකිණීමේ සිද්ධියට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතාගේ සොහොයුරකු වන රිෂ්කාන් බදුර්දීන් ඇතුළු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න පෙරේදා (24) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

රිෂ්කාන් බදුර්දීන් ඇතුළු පිරිසක්‌ ව්‍යාජ ලෙස ඔප්පු සකස්‌ කර හිමිකරගත් එකී ඉඩම් පසුව වෙනත් පාර්ශ්වයකට විකුණා දැමූ බවට සාක්‍ෂි ඉදිරිපත් වීම නිසා එකී ජාවාරම මෙහෙය වූ බව කියන ඔහු සහ එලෙස ව්‍යාජ ඔප්පු සකස්‌ කිරීමට දායකත්වය දැක්‌වූ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනා ලෙස පසුගිය ජූලි 18 වැනිදා අධිකරණය විසින් නියෝග කොට ඇතත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එකී නියෝගය අනුව කටයුතු කිරීම පැහැර හැර ඇතැයි පවසමින් නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන මහතා අධිකරණයට කරුණු දැක්‌වීය.

අධිකරණය එලෙස නියෝග කිරීමෙන් පසුව එම ඉඩම් හිමි මොහොමඩ් අබ්දුල් කාසිම් නමැත්තාට විටින් විට දුරකථන මඟින් තර්ජන එල්ල වන බවත් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළත් එලෙස තර්ජනය කරන පුද්ගලයන් පිළිබඳ පරීක්‍ෂණ පවත්වා ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කිසිදු උනන්දුවක්‌ නොදක්‌වන බවත් මෝසමක්‌ මඟින් නඩුව කැඳවූ අවස්‌ථාවේදී නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන මහතා අධිකරණයට වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස