සිංහල ළමා ජනගහන වර්ධනය 4%කින් පහළ ගිහින් ලෝකයේ වඳ වී ගෙන යන ජාතීන් අතරට වැටිලා! බාමියන් පිළිමවල ඉරණම මතක් වෙද්දී අවුකන පිළිමය ගැන බයයි! (video)

June 19, 2019 at 11:21 pm | by emanisa.lk

2012 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත් වූ අවසාන ජන සංගණනය අනුව ලංකාවේ සිංහල ළමා ජනගහනය 4%කින් පහළ යන අතර මුස්ලිම් ළමා ජනගහනය 33%කින් ඉහළ ගොස් ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.

එම පක්ෂ මූලස්ථානයේ අද (19) පැවති මාධ්‍ය හමුවකදී ඔහු වැඩි දුරටත් මෙසේ පැවසීය.

“මුස්ලිම් ළමා ජනගහනය පිළිබඳ විවිධ කටකතා යනවා. සමහරු කියනවා ළමා ජනගහනයේ මුස්ලිම් ප්‍රතිශතය 42%යි කියලා. නමුත් මේ කතා කියන්නේ මූලාශ්‍ර පදනම් කරගෙන නොවේ. මුස්ලිම් ජනගහනයේ සීඝ්‍ර ර්වධනයක් තිබෙන බවත් ඇත්තක්. නමුත් ජන සහ සංඛ්‍යා ලේඛණ දෙපාරතමේන්තුව ළමා ජනගහනය ජනර්වග අනුව වාරතා කරන්නේ නැති නිසා මේ පිළිබඳ විශ්වාසනීය තොරතුරු සමාජයේ නෑ. මේ නිසා 2012 ජන සංගණනයේ තොරතුරු පදනම් කරගෙන ළමා ජනගහනයේ ජනවාර්ගික සංයුතිය සකසා දෙන්න කියා මම ජන සහ සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉන්දු බණ්ඩාර මහත්මියගෙන් ඉල්ලීමක් කළා. මගේ ඉල්ලීමට අනුව එතුමියගේ ප්‍රතිචාරය දක්වා තිබෙනවා. එම ලිපි දෙකම මා ඔබ හමුවේ තබනවා.

2012 දී සමස්ත ජනගහනයෙන් 75%ක් සිංහල, 11%ක් ලංකා දෙමළ, 4%ක් ඉන්දියානු දෙමළ සහ 9%ක් මුස්ලිම්. ඒ වසරේ දීම ළමා ජනගහනයෙන් 71%ක් සිංහල, 12%ක් ලංකා දෙමළ, 5%ක් ඉන්දියානු දෙමළ සහ 12%ක් මුස්ලිම්. සමස්ත ජනගහනයට සාපේක්ෂව ළමා ජනගහනයේ දී ලංකා දෙමළ, ඉන්දියානු දෙමළ සහ මුස්ලිම් කියන ජනර්වගවල ප්‍රතිශතය ඉහළ ගිහින්. නමුත් සිංහල පමණක් 75% සිට 71% දක්වා 4%කින් අඩු වෙලා. වැඩිම ර්වධන වේගයක් පෙන්වන්නේ මුස්ලිම්. මුස්ලිම් ජනගහනය 9% සිට 12% දක්වා වැඩි වෙලා. 9 සහ 12 කුඩා ඉලක්කම් ලෙස පෙනුනත් එය බරපතල වර්ධනයක්. 33% වඩා වැඩි වර්ධනයක්.

අවුරුදු 5 සිට 9 දක්වා වයස් කාණ්ඩයට සාපේක්ෂව අවුරුදු 0 සිට 4 දක්වා වයස් කාණ්ඩය තුල සිංහල ජනගහනය වැඩි වී ඇත්තේ 0.5%කින්. නමුත් මුස්ලිම් ජනගහනය 1.4%කින් නැතිනම් තුන් ගුණයකින් වැඩි වී තිබෙනවා. මෙය අද තත්වය නෙමෙයි. 2012 තත්වයයි. වත්මන් තත්වය දැනගන්න වෙන්නේ 2021 පවත්වන ජන සංගණනයෙන් පසුවයි. මෑත කාලයේ මුස්ලිම් ජනගහනයේ සීඝ්‍ර ර්වධනය දශක ගණනාවක් පුරා දකින්න ලැබෙන දෙයක්. 1953 දී 6%ක් වූ මුස්ලිම් ජනගහනය අවුරුදු 28කට පස්සේ 1981 දී ර්වධනය වී තිබුණේ 7% දක්වා පමණයි. නමුත් එයින් අවුරුදු 30කට පස්සේ 9% දක්වා වර්ධනය වෙලා. ළමා ජනගහනයේ ප්‍රවණතා සලකා බලන විට ඉදිරි වසර දහය තුළ මුස්ලිම් ජනගහනය 12% ඉක්මවා යනවා.

ඒ වගේම නිදහසින් පසු ප්‍රථම වතාවට 2012 දී ළමා ජනගහනය තුල සිංහල ප්‍රතිශතය අඩුවීමක් පෙන්නුම් කරනවා. ලංකාවට ආවේණික වූ සිංහල ජාතිය වඳවීම ආරම්භ වී ඇති බවයි මෙයින් පෙන්නුම් කරන්නේ. අපි මේ දත්ත ජන සහ සංඛ්‍යා ලේඛන දෙපාරතමේන්තුවෙන් අරගෙන විද්‍යත්මකව විග්‍රහ කරලා ප්‍රථම වතාවට හෙළි කරණවා 2012 ජන සංගණන වාර්තාව අනුව සිංහල ජාතිය වඳ වෙමින් පවතින ජාතියක් බව මේ වන විට නිල වශයෙන් තහවුරු වී ඇති බව.

අපි එයට බය වෙන්නේ ඇයි. ඇෆ්ගනිස්ථානයේ බහුතරය බවට මුස්ලිම් ජනතාව පත්වූවාට පසු කණිෂ්ක රජතුමන් මින් වසර 1600 කට පෙර ඉදි කළ බාමියන් බුදු පිළිම කුඩු පට්ටම් කර දැම්මා. බාමියන් බුදු පිළිමවලට අත් වූ ඉරනම අපේ රටේ අවුකන බුදු පිළිමයටද අත්වෙනවාට අප බියෙන් පසු වන නිසයි අප මේ ගැන ජාතියේ අවධාන යොමු කිරීමට තීරණය කළේ.”

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස