සම්බන්ධන් සුමන්දිරන් සජිත් වෙනුවෙන් මරාගෙන මැරෙයි! දෙමළ ජාතික සන්ධානය නැවතත් පුපුරයි! ටෙලෝ ප්ලොට් ඉවත්වෙයි!

October 23, 2019 at 11:15 am | by emanisa.lk

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් හා එහි මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය පළකළ යුතු බවට එම සන්ධානයේ අභ්‍යන්තර සාකච්ඡාවලදී ප්‍රකාශ කිරීමට විරෝධය පළකරමින් ටෙලෝ හා ප්ලොට් සංවිධාන, එම ජාතික සන්ධානයෙන් ඉවත් වීමට තීරණය කොට ඇති බව වාර්තා වේ.

ද්‍රවිඩ ජාතික සන්ධානයේ සන්ධානගත පක්ෂ ලෙස කටයුතු කළ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ හා ඊ.පී.එල්.ආර්.එෆ්. සංවිධානය පසුගිය කාලයේදී එම සන්ධානයෙන් ඉවත්වීමට කටයුතු කර ඇත.

ප්ලොට් සංවිධානයේ නායක සිද්ධාර්ථන් ධර්මලිංගම් ප්‍රකාශ කළේ ද්‍රවිඩ ජාතික සන්ධානය පසුගිය කාලය තුළ වත්මන් ආණ්ඩුවට අවශ්‍ය පරිදි කටයුතු කරමින් උතුරු නැගෙනහිර ජනතාවගේ අත්‍යවශ්‍ය ගැටලු කෙරෙහි කිසිදු සැලකිල්ලක් නොදැක්වූ බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස