සජිත් පිල රනිල්ගේ අභියෝගය භාරගනී! සුළු පක්ෂ නායකයන් අද හමුවෙයි!

September 14, 2019 at 10:09 am | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට බලාපොරොත්තුව සිටින එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අද (14) රාත්‍රී එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සුළු පක්ෂ නායකයන් හමුවීමට නියමිතය.

එම හමුව මංගල සමරවීර අමාත්‍යවරයාගේ නිල නිවසේ දී පැවැත්වෙන අතර එහිදී ඉදිරි ජනාධිපතිවරණයට මුහුණදීම සහ එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ සුළු පක්ෂ මැතිවරණයට මුහුණ දෙන ආකාරය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබේ.

ඉකුත් අඟහරුවාදා (10) අගමැති රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර පැවැති සාකච්ඡාවලින් පසු මෙලෙස සුළු පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට තීරණය කරනු ලැබීය.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට ලබාදීමට නම් එක්සත් ජාතික පක්ෂයට සහාය දෙන සෙසු පක්ෂවල සහය ඔහුට හිමි විය යුතු බව මෙම සාකච්ඡාවේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස