සජිත් පරාද කළ මංගල එජාපයට බායි කියයි…! රටට සංහිඳියාව ගෙන්න වැඩ අරඹන්න සූදානම්…!

November 22, 2019 at 1:15 pm | by emanisa.lk

හිටපු ඇමති මංගල සමරවීර එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී පක්ෂ දේශපාලනයට සම්බන්ධ නොවී ස්වාධීනව ඉදිරි දේශපාලන කටයුතුවල නිරත වීමට තීන්දු කර ඇතැයි වාර්තා වෙයි.

අද (22) උදෑසන සිය ඇමති නිළ නිවසින් බඩු බාහිරාදිය රැගෙන මංගල සමරවීර තම පෞද්ගලික මිතුරකුගේ නිවසට ගොස් ඇති අතර නුදුරේදීම අලුත් දේශපාලන ගමනක් යාමට සූදානම් බව ද සඳහන් වෙයි.

එහිදී රටේ ජාතිවාදයට එරෙහිව ජනවාර්ගික සංහිඳියාව ගොඩනැඟීමට මූලික වී කටයුතු කරනු ඇතැයි වාර්තා වෙයි.

එජාප ජනාධිපති අපේක්ෂක ධුරය සජිත් ප්‍රේමදාසට ලබා දීමට පෙරමුණ ගෙන කටයුතු කළ මංගල සමරවීරට පසුගියදා පැවති එජාප මන්ත්‍රි හමුවක දී දයා ගමගේ, ලක්ෂ්මන් කිරිඇල්ල, රවී කරුණානායක ආදීන් චෝදනා කර ඇත්තේ සජිත් පරාජය කිරීමේ මූලිකයා ද මංගල සමරවීර බව අවධාරණය කරමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස