සජිත් ජනාධිපති වුණාම මට පඩිත් එපා වාහනත් එපා! ඒ මුදලින් රාජ්‍ය ණය ගෙවන්න! – හරීන්

November 11, 2019 at 12:11 pm | by Editorial

සජිත් ප්‍රේමදාස ජනාධිපතිවීමෙන් පසු වසර දෙකක් යන තෙක් තමාට හිමි ඇමැති වැටුප හෝ මන්ත්‍රී වැටුප ලබානොගෙන එම වැටුප රාජ්‍ය ණය පියවීම සඳහා භාණ්ඩාගාරයට ලබා දෙන බවට පොරොන්දු වී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත ඊයේ (10) ඇමැති හරින් ප්‍රනාන්දු පොරොන්දු පත්‍රයක් බාර දුන්නේය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් බදුල්ල විල්ස් ක්‍රීඩාංගනයේ පැවැති රැස්වීමකදී ජනතාව ඉදිරියේ ඇමැති හරීන් ප්‍රනාන්දු මෙම පොරොන්දු පත්‍රය බාර දුන්නේය.

ඇමැති ධූරයක් හෝ මන්ත්‍රී ධූරයක් දරන කාලය තුළ තමාගේ පරිහරණයට කිසිදු වාහනයන් ආනයනය නොකරන බවත් පාක්ෂිකයන්ගේ ජනමතය විකෘති කරමින් පක්ෂ මාරුවක් සිදු නොකරන බවත් ඇමැති හරීන් ප්‍රනාන්දු සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබා දුන් පොරොන්දු පත්‍රයේ වැඩිදුරටත් සඳහන් වේ.

යම් හෙයකින් තමාගේ ප්‍රතිපත්ති සහ පක්ෂයේ ප්‍රතිපත්ති අතර ගැටළු කාරී තත්ත්වයක් ඇති වුවහොත් දේශපාලනයෙන් සමුගන්නා බවද ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ පොරොන්දු පත්‍රයේ සඳහන්විණි.

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස