සජිත් එජාප නායකයා කරන්න හදන්නේ ආණ්ඩුවේ ගොට්ටෝ! – ආශු

January 14, 2020 at 11:33 am | by emanisa.lk

පක්ෂයේ කවරෙකු හෝ නව පක්ෂයක් නිර්මාණය කිරීමට සැලසුම් කරන්නේ නම් ඔවුන් ආණ්ඩුවෙන් මුදල් ලබාගන්නා කුමන්ත්‍රණකරුවන් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ පවසයි.

එජාප මූලස්ථානයේදී ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

“පසුගිය ජනාධිපතිවරණයට කලින් පැවති පක්ෂයේ මහා සම්මේලනයේදී අපි පක්ෂ නායකත්වය තහවුරු කරගත්තා. මැතිවරණ පරාජයෙන් පස්සේ දැන් නායකත්වය වෙනස් කරන්න ඕනේ කියලා අපි හිතන්නේ නැහැ. මෙතන සංවාදයක් තියන්න ඕන.

හැබැයි පක්ෂය තුළ එහෙම සංවාදයක් තියෙද්දී සමහර මන්ත්‍රීවරු ප්‍රසිද්ධියේ තැන තැන නායකත්වයේ වෙනසක් විය යුතුයි, සජිත් ප්‍රේමදාස මහත්තයා නායකයා නොකළොත් වෙනම පක්ෂයක් හදනවා කියල කිය කිය යනවා නම් ඔවුන් කරන්නේ කුමන්ත්‍රණයක්. මේක ආණ්ඩුවෙ කුමන්ත්‍රණයක්. ඔවුන් ආණ්ඩුවෙන් මුදල් දෙනව ඇති. මොකද ආණ්ඩුවට තමයි මේ වෙලාවෙ එක්සත් ජාතික පක්ෂය දෙකඩ කරන්න අවශ්‍ය.

හැබැයි එහෙම පක්ෂය කඩාගෙන ගියත් නව පක්ෂ හදපු දේවල්වලට පූර්වාදර්ශ අපිට අතීතයේ තියෙනවා. ඔවුන්ට අතීතයේ මොකද වුණේ කියල අපි දන්නවා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස