සජිත්ට අපේක්ෂකත්වය දෙන්න රනිල් එකඟවෙයි! රනිල් මාස හයෙන් විධායක අගමැති කරන්න සජිත් එකඟවෙයි!

September 24, 2019 at 11:35 pm | by emanisa.lk

එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ එකඟ වී ඇතැයි වාර්තා වෙයි.

පක්ෂය දෙකඩ වීම වැළැක්වීම සඳහා අගමැතිවරයා මෙම තීන්දුව ගත් බව වැඩි දුරටත් වාර්තා වෙයි. කෙසේ වුවද ඒ ප්‍රධාන කොන්දේසි තුනක් යටතේ බව ද වැඩි දුරටත් සඳහන් වෙයි.

විධායක ජනාධිපති ධුරය මාස හයක් ඇතුළත අහෝසි කිරීම, බලය බෙදීම සහ අගමැති ධුරය රනිල් වික්‍රමසිංහට ලබා දීම එම කොන්දේසි වෙයි.

මේ අනුව සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුරයට පත්වුවහොත් මාස හයක් ඇතුළත ඔහු නාම මාත්‍රික ජනාධිපතිවරයා බවට පත්වන අතර අගමැති රනිල් වික්‍රමසිංහ විධායක අගමැති ධුරයට පත්වෙයි.

ඇමති හර්ෂ ද සිල්වා ට්විටර් පණිවිඩ දෙකක් නිකුත් කරමින් පවසන්නේ එජාප ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස නම් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ එකඟ වූ බවය. එසේම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය එළඹෙන 26 වෙනිදා රැස්ව නිල වශයෙන් සජිත් ප්‍රේමදාස සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරනු ඇති බවත් අනතුරුව එජපෙ සන්ධානය ද සජිත් ප්‍රේමදාස සිය අපේක්ෂකයා ලෙස පිළිගනු ඇතැයි හෙතෙම පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස