ශ්‍රීලනිපයේ ගෝඨා විරෝධී පහේ කල්ලියක්! පොහොට්ටු විරෝධයත් ඔවුන්ගේ වැඩක්! ශ්‍රීලනිපය එජාපයේ ගැටගසන සැලසුමක්!

October 1, 2019 at 7:42 am | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එළඹෙන ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂට සහාය ලබාදීමට එරෙහිව ශ්‍රීලනිපයේ ප්‍රබලයන් පස් දෙනෙකු කටයුතු කරන බව වාර්තා වෙයි.

දෙපාර්ශවය අතර ප්‍රතිපත්තිමය එකඟතාවක් ගොඩනැඟී ඇති පසුබිමක ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණය ලාංඡනය පදනම් කරගෙන ගැටුමක් නිර්මාණය කර ගෝඨාභය සමඟ සන්ධානගත වීම වැළැක්වීම පිටුපස සිටින්නේ ද මෙම කණ්ඩායම බව වාර්තා වෙයි.

ඔවුන්ගේ සැලසුම වී ඇත්තේ රනිල්ට වඩා සජිත් හොඳයි පදනම යටතේ එජාපයට සහාය දීම බව ද එම ආරංචි මාර්ග පවසයි.

කෙසේ වුවද එජාප ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, රංජිත් සියඹලාපිටිය, තිලංග සුමතිපාල ඇතුළු බහුතර පිරිසක් මේ අවස්ථාවේ ශ්‍රීලනිපය පොහොට්ටුව සමග සන්ධානගත විය යුතු බව පවසා ඇති අතර එය ඉටු නොවන්නේ නම් ඔවුන් නුදුරු අනාගතයේ දී පොදුජන පෙරමුණට එකතු වනු ඇත.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ අවසන් තීන්දුව ගැනීමට ඊයේ (30) රැස් වූ ශ්‍රීලනිප මධ්‍යමකාරක සභාව තීන්දුවකින් තොරව අවසන් වී ඇත. එම තීන්දුව ගැනීම එළඹෙන 05 වෙනිදාට කල්දමා තිබේ.

ඒ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් දෙදෙනෙකු ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය පිළිබඳ අධිකරණයට යාම මගින් යම් දේශපාලන වාසියක් තමන්ට ද ලබාගත හැකිද යන්න විමසා බැලීමටය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස