‘විස්සයි 20ට අපෙන් සජිත්’ පෝස්ටරය කුමන්ත්‍රණයක්! සජිත් කනස්සල්ලෙන්!

August 8, 2019 at 3:01 pm | by emanisa.lk

‘විස්සයි 20ට අපෙන් සජිත්’ යනුවෙන් සඳහන් පෝස්ටරයක් රට පුරා ඇලවීම පිළිබඳ ඇමති සජිත් ප්‍රේමදාස කනස්සල්ලට පත්ව ඇතැයි ඔහුට සමීප ආරංචි මාර්ග වාර්තා කරයි.

2019 නොවැම්බර් 15-දෙසැම්බර් 07 අතර ජනාධිපතිවරණය අනිවාර්යෙන් පවත්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසා ඇති පසුබිමක 2020ට සජිත් යැයි පෝස්ටරයක් ගැසීම මේ තත්ත්වයට හේතු වී තිබේ.

එළඹෙන ජනාධිපතිවරණයට කරූ ජයසූරිය ඉදිරිපත් කර 2020 මහ මැතිවරණයට අගමැති අපේක්ෂක ලෙස සජිත් ප්‍රේමදාස පත් කිරීම මෙම පෝස්ටරය නිර්මාණය කළ අයගේ අරමුණ බව ද වාර්තා වෙයි

19 වෙනි සංශෝධනයට පසු අගමැතිවරයා බලවත් වීමත් ජනාධිපතිවරයා තරමක් දුර්වල වීමත් පදනම් කරගෙන මෙම සැලසුම සකසා ඇති එය එම පෝස්ටරය පාස්කු ප්‍රහාරයට පෙර නිර්මාණය කළ එකක් බව ද වැඩි දුරටත් වාර්තා වෙයි.

කෙසේ වුවද මේ වන විට ඇමති සජිත් අගමැති ධුරය නොව ජනාධිපති ධූරය ඉලක්ක කරගෙන කටයුතු කරන නිසා මෙම යෝජනාවට එතරම් අනුකූලතාවක් දක්වා නොමැති බව ද සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස